Last Update  :  2024-03-29 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports එෂාන් දෙවැනි ස්ථානයට එයි

එෂාන් දෙවැනි ස්ථානයට එයි

ශනුක අරවින්ද - 2016 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

චීනයේ මැකාවෝ නුවරදී පැවැති ආසියානු විවෘත ‘ගෝ කාට්’ ශූරතාවලියේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ‍්‍රී ලංකාවේ එෂාන් පීරිස් සමත් විය. මැලේසියාවේ ආර්. එල්. කාර්ටින් කණ්ඩායම නියෝජනය කරමින් මෙම ශූරතාවලියට සහභාගි වූ එෂාන්, එහිදී භාවිතා කරනු ලැබුවේ ‘බයිරල් ආර්ට්’ සැකිල්ලක් සහිත ‘අයි. ඒ. එම්. ඊ. එක්ස් 30’ වර්ගයේ එන්ජිමකි.

මෙම ශූරතාවලියට සුදුසුකම් ලැබීමට සඳහා මිනිත්තු අටක පුහුණු සැසි තුනකට සහභාගි වූ එෂාන්, එහිදී ධාවකයන් 56 දෙනකුට එරෙහිව තරග වැදිණ. පුහුණු සැසි තුන අවසානයේ ධාවකයන් 56 අතුරින් 16 වැනි ස්ථානයට පත්වෙමින් ඔහු ප‍්‍රධාන ශූරතාවලියට සුදුසුකම් ලබාගත්තේය.

සුදුසුකම් ලැබීමේ පළමු සහ දෙවැනි තරග දෙකේදීම 11 වැන්නා ලෙස තරග ආරම්භ කළ ඒෂාන්, පළමු තරගය 7 වැන්නා ලෙසත්, දෙවැනි තරගය 6 වැන්නා ලෙසත් නිමා කළේය. ඒ අනුව සුදුසුකම් ලැබීමේ අවසන් තරගයේදී 7 වැනි ස්ථානයෙන් තරගය ඇරැුඹූ ඔහු සිවු වැන්නා ලෙස එම තරගය නිමා කළේ පහසුවෙන්ම ප‍්‍රධාන ශුරතාවලියට  සුදුසුකම් ලබාගනිමිනි.

අවසන් තරගයේ දෙවැනි වටයේදී දකුණු දිශාවෙන් පෙරමුණට පැමිණෙමින් විශිෂ්ට ආරම්භයක් ලබාගත් එෂාන් සහ  ඕස්ටේ‍්‍රලියාවේ සිට පැමිණි මාක් ටුලෝච් අතර තියුණු සටනක නිරත විය.  එම තරගයේ 6 වැනි වටයේ සිට 18 වැනි වටය දක්වා පෙරමුණ ගැනීමට එෂාන් සමත් වූවත් ඔහුට තරගය නිමා කිරීමට හැකිවූයේ මාක්ට වඩා පසුපසිනි.

ගල්කිස්ල සාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවකු වන එෂාන් මේ වනවිට මැලේසියාවේ මොනාෂ් විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවකු ලෙස අධ්‍යාපනය හදාරයි.

”මගේ මවුපියන්ගේ සහයෝගය නැතිනම් මට මේ ජයග‍්‍රහණය ලැබෙන්නෙ නෑ. ආරොන්, ලිම් සහ මගේ ආර්. එල්. කාර්ටින් කණ්ඩායමේ රැකවරණය, මගපෙන්වීම හා සහයෝගය නොලැබුණා නම් මෙවැනි ජයග‍්‍රහණයකින් සතුටට පත්වීමේ අවස්ථාව නොලැබෙන්නට ඉඩ තිබුණා.” ජයග‍්‍රහණයෙන් අනතුරුව ඒෂාන් පැවසීය.

”ධාවන තරගවලට මීටත් කළින් එක්වුණා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස. ඒත් ඇත්තටම ඒ වෙද්දී ශ‍්‍රී ලංකාවේ කාර්ටින් ක‍්‍රීඩාව එතරම් වර්ධනය වෙලා තිබුණේ නෑ. ශ‍්‍රී ලංකාවේ මෝටර් රථ ක‍්‍රීඩාවට මීට වඩා විශිෂ්ට ජයග‍්‍රහණ රැසක් ගෙනදීමට අවස්ථාව උදාකරගනිමින් අපේ රටේ දරුවන් වැඩි ප‍්‍රමාණයක් ලාබාල වයසේදීම මේ ක‍්‍රීඩාවට එක්වේවි කියා මං බලාපොරොත්තු වෙනවා.” යැයිද ඔහු කියා සිටියේය. 

 

-036


අදහස් (1)

එෂාන් දෙවැනි ස්ථානයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.