Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports අෂාන්-කුෂාන්-උෂාන් තියුණු සටනක

අෂාන්-කුෂාන්-උෂාන් තියුණු සටනක

ශානුක අරවින්ද - 2019 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය සමග එක්ව 14 වැනි වරටත් සංවිධානය කරන ‘ගනර් සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මේ මස 6 වැනිදා පෙරවරු 9.00 සිට මින්නේරිය, කාලතුවක්කු රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්වේ.
 

ජාක් ගුණවර්ධන

ඉෂාන් දසනායක

දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගනු ලබන ඉසව්ද ඇතුළුව ඉසව් 24 කින් සමන්විත වන මෙම තරගාවලියට යතුරුපැදි තරග සහ මෝටර් රථ තරග 12 බැගින් ඇතුළත් වේ. දිවයිනේ සිටින ප්‍රමුඛ පෙළේ මෝටර් රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන්ද ඇතුළුව තරගකරුවන් 200 ක් පමණ මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතය. ඒ අතර තරගකාරියෝ තිදෙනෙක්ද සිටිති.

ඉකුත් වසරේ (2018) පැවැති තරගාවලියේදී දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස

ද, දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස අශාන් සිල්වාද සම්මාන දිනාගත්හ. එම ශූරතාව රැකගැනීම සඳහා ඉවෝන්ට මේ වසරේදී ජාක් ගුණවර්ධන සහ ඉෂාන් දසනායක සමග කරට කර තරගයක නිරත වීමට සිදුව තිබේ. මෙවර මෝටර් රථ ශූරතාව දිනාගැනීම සඳහා අශාන්ට අභියෝග කරන ක්‍රීඩකයන් අතර කුෂාන් පීරිස් සහ උෂාන් පෙරේරා ඉදිරියෙන්ම සිටිති.
 
මේ වසර තුළදී (2019) මෙතෙක් පැවැති සුපර්ක්‍රොස් තරගාවලි තුනෙන් කමාන්ඩෝ සුපර්ක්‍රොස් සහ ගජබා සුපර්ක්‍රොස් යන තරගාවලි දෙකකදීම දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීමට අශාන් සිල්වාද, දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීමට ජාක් ගුණවර්ධනද සමත්ව සිටිති. අවසන් වටර පැවැති වලව සුපර්ක්‍රොස් තරගාවලියේදී අශාන් සහ ජාක් දෙදෙනාම අනතුරුවලට ලක්වූ අතර එහිදී උෂාන් පෙරේරා දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙසත්, රුමීෂ බුල්ජන්ට්ස් දක්ෂතම යතුරුපැදිකරුවා ලෙසත් සම්මාන දිනාගත්හ.
 
මෙතෙක් පැවැති ‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලි 13 දී වැඩිම වාර ගණනක් (2004, 2005, 2006, 2007, 2013 සහ 2017 යන වසරවලදී) දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ගයාන් සඳරුවන් සම්මාන දිනා ගෙන තිබේ. වැඩිම වාර ගණනක් (2012, 2013, 2014 සහ 2015 වසරවලදී) දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනා ඇත්තේ අරවින්ද ප්‍රේමදාසය. මේ වන විට ගයාන් ක්‍රීඩාවෙන් සමුගෙන සිටින අතර අරවින්දද සිය සුපුරුදු ක්‍රීඩා විලාශයට අවතීර්ණ වීමට අපොහොසත් වී සිටියි.
 
විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සිංගර් සමාගම කටයුතු කරන අතර අයි.සී.ඒ.එන්. ඇඞ්වර්ටයිසින්, ඇක්සස් ඉන්ජිනේරු සේවය, සියැට්-කැලණි ටයර් සමාගම, බ්‍රවුන්ස් සමාගම සහ අලියා සිසිල් බීම යන සමාගම් එහි සම අනුග්‍රහකයෝ ලෙස කටයුතු කරති.
යුද්ධයේදී මියගිය සහ ආබාධිත තත්වයන්ට පත් වූ මෙන්ම දැනට සේවයේ නිරතව සිටින කාලතුවක්කු රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීම මෙම තරගාවලියේ අරමුණ බව සංවිධායකයෝ පවසති.

 

ඉවෝන් බී. ගුරුසිංහ

අශාන් සිල්වා

උෂාන් පෙරේරා

කුෂාන් පීරිස්

  


අදහස් (0)

අෂාන්-කුෂාන්-උෂාන් තියුණු සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.