Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports අශාන් අභියෝගයකින් තොරවම ජයගනී

අශාන් අභියෝගයකින් තොරවම ජයගනී

editorial - 2019 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද සාලියපුර සිට..)

සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී පැවැති ගජබා සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙස අභිෂේක ලැබීමට අශාන් සිල්වා සමත් විය. තරගාවලිය පුරා ඔහුට යම් තරමක හෝ අභියෝගයක් එල්ල කිරීමට සෙසු තරගකරුවෝ අසමත් වූහ.

තරගාවලියේ මෝටර් රථ අංශයේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට උෂාන් පෙරේරා සහ මාලික කුරුවිටාරච්චි නියෝජනය කළ ‘සියැට්’ මෝටර් රථ කණ්ඩායම සමත් විය. උෂාන් දෙවැනි ස්ථානයක් සහ තෙවැනි ස්ථානයක් හිමිකර ගනිමින්ද, මාලික පළමු ස්ථානයක් හිමිකර ගනිමින්ද ‘සියැට්’ කණ්ඩායමට එම ශූරතාව දිනා දුන්හ.
තරගාවලියේ ප්‍රධානතම මෝටර් රථ ඉසව්ව වූ එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්ව අදියර දෙකකින් සමන්විත වූ අතර එම අදියර දෙකේදීම පහසු ජයග්‍රහණ වාර්තා කරමින් අශාන් මෙවර දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත් විය. අශාන් ගජබා සුපර් ක්‍රොස් තරගාවලියක දක්ෂතම රියැදුරා බවට පත් වූ පස්වැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 2013, 2015, 2017 සය 2018 යන වසර වලදීද ඔහු එම සම්මානයට හිමිකම් කීවේය.

          දක්ෂතම රියදුරු - අශාන් සිල්වා

ශූරතාව දිනාගත් උෂාන් පෙරේරා සහ

මාලික කුරුවිට ආරච්චි

කාල ගණනයට අනුව එම ඉසව්වේ ඉදිරිපෙළ ආරම්භක ස්ථානය හිමිකර ගෙන සිටි අශාන්, අදියර දෙකේදීම කිසිදු අවස්ථාවක සෙසු තරගකරුවන්ට තමා පසුකර යෑමට ඉඩක් ලබා නොදුන්නේය. එම අදියර දෙක පුරා අශාන් පසුපස හඹාගිය කුෂාන් පීරිස් සහ උෂාන් පෙරේරා ඉතා තියුණු සටනකින් අනතුරුව දෙවැනි ස්ථානය සහ තෙවැනි ස්ථානය බැගින් හිමිකරගත්හ. නමවරක් ගජබා සුපර් ක්‍රොස් තරගාවලියේ දක්ෂතම මෝටර් රථ ශූරයා බවට පත්ව සිටින ප්‍රවීණ ක්‍රීඩක අරවින්ද ප්‍රේමදාසට මෙවර තරගාවලියේදී සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි විය.

එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය සහ එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය ජයගත් ලාබාල ක්‍රීඩක කේසර ගොඩගේ, වයස අවුරුදු 15 න් පහළ තරගකරවන් සඳහා පැවැත්වෙන එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගයේ දෙවැනි ස්ථානයද හිමිකර ගනිමින් මෝටර් රථ සහ යතුරුපැදි අංශ දෙකේම අණසක පැතිර වීය.
එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය ජය ගැනිමට උපුල්වන් සේරසිංහ සමත් වූ අතර සහ එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 1618 දක්වා) මෝටර් රථ තරගයේ ඔහුගේ පුත් දේවින් සේරසිංහ සමත් විය. කෙසේ වුවත් ඔවුන් දෙදෙනාම පසුපසට ඇද දමමින් එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගයේ ජය තමන් සතුකර ගැනීමට තරිඳු ධර්මවර්ධන සමත් විය.
 
එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය දෙවැනියා ලෙස නිමා කළ දේවින් සේරසිංහ, එම තරගයේ ජයග්‍රාහකයා බවට පත්වූයේ පළමු වැනියා ලෙස එම තරගය නිමා කළ රන්දික නිරෝෂන් තරග නීතී රීති උල්ලංඝනය කළේ යැයි පවසමින් ඔහුව තරගයෙන් ඉවත් කිරීමට සංවිධායකයන් පියවර ගැනීම හේතුවෙනි. එම තරගයේ තෙවැනි ස්ථානයට පත්වූ ෂෙහාරා ජයවර්ධන, රන්දිකට එරෙහිව ඉදිරිපත් කළ විරෝධතාවක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව තරග සංවිධායකයෝ එම තීරණයට එළඹියහ.
පිට පිටම දෙවැනි වරටත් ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ තරගයේ ජය බුද්ධික රුක්ලන්ත සතු වෙද්දී, එස්.එල්.එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ ජයගැනීමට ෂෙහාරා ජයවර්ධන සමත් වූවාය. එස්.එල්.එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ ජයගැනීමට මාලික කුරුවිටාරච්චි සමත් වූයේ ශිරාන් ඩූල්ට සහ නයිජල් පෙරේරාට එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර දෙමිනි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව 18 වැනි වටරත් සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එයාර් වොයිස් වයර්ලස් සමාගම කටයුතු කළ අතර සිංගර්, හච් සහ සියැට් යන සමාගම් සහ ලංකා පෞද්ගලික රෝහල එහි සම අනුග්‍රහකයන් ලෙස කටයුතු කළේය. තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.

තරග ප්‍රතිඵල
එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ
1 කේසර ගොඩගේ (නිසාන් මාර්ච් 1000)
2 ඩිලුක්ෂ සඳරුවන් (නිසාන් මාර්ච් 1000)
3 යසිත ධනුෂ්ක (නිසාන් මාර්ච් 1000)

එස්.එල්.ඒ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ
1 නාමල් සිල්වා (ඔස්ටින් මිනි 1000)
2 ඉම්රාස් ෆෙරෝස් (ඔස්ටින් මිනි 1000)
3 ප්‍රසාද් වික්‍රමසිංහ (ඔටෝබැක්ස් මිනි 1000)  

එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 1275 දක්වා) මිනි මෝටර් රථ
1 සඳරු වීරසිංහ (ඔස්ටින් මිනි 1275)
2 කුෂාන් පෙරේරා (ඔස්ටින් මිනි 1275)
3 නිෂාත් ද අල්විස් (ඔස්ටින් මිනි 1275)
 
එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 කේසර ගොඩගේ (මැස්ඩා 1300)
2 ශාමල් වෑගඩපොල (මැස්ඩා බී.එෆ්. 1300)
3 කෝලිත එදිරිසිංහ (ෆෝඞ් ලේසර් 1300)

එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
2 රොමේෂ් ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1300)
3 මිහාන් පීරිස් (මැස්ඩා ෆැමීලියර් 1300)

එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 තරිඳු ධර්මරත්න (මැස්ඩා 1500)
2 ලලින් කිරින්ද (ෆෝඞ් ලේසර් 1500)
3 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1500)

එස්.එල්.එස්. කාණ්ඩයේ (සි.ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ
1 ෂෙහාරා ජයවර්ධන (හොණ්ඩා සිවික් 1500)
2 ෆාහම් නවුමාන් (හොණ්ඩා සිවික් 1500)
3 නයිජල් පෙරේරා (හොණ්ඩා සිවික් 1500)

එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය
1 දේවින් සේරසිංහ (හොණ්ඩා ඊ.ජී. 1600)
2 උපුල්වන් සේරසිංහ (හොණ්ඩා වී-ටෙක් 1600)
3 ෂෙහාරා ජයවර්ධන (හොණ්ඩා සිවික් 1600)

එස්.එල්.එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ
1 මාලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2200)
2 ශිරාන් ඩූල් (සුබාරු ලෙගාසි 2200)
3 නයිජල් පෙරේරා (සුබාරු ලෙගාසි 2200)

ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ
1 බුද්ධික රුක්ලන්ත (මිට්සුබිෂී පෙජරෝ 2800)
2 දුමින්ද ජයසිංහ (ටොයොටා ලෑන්ඞ් කෘසර් 3000)
3 ඔමාර් රුස්ති (මිට්සුබිෂී පෙජරෝ 2800)
 
එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 කුෂාන් පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)

එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) මෝටර් රථ අවසන් මහ තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 කුෂාන් පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000)

චරිත් නිශාන්ත සහ කෞෂල්‍යා ආරියදාස

කෞෂල්‍යා ආරියදාස

මිස්සක නවීන් ඉදිරියෙන්

නාමල් සිල්වා

සඳරු වීරසිංහ

උෂාන් පෙරේරා ඉදිරියෙන්

ෂෙහාරා ජයවර්ධන

අශාන් සිල්වා

කේසර ගොඩගේ

කුෂාන් පීරිස් ඉදිරියෙන්

මාලික කුරුවිටආරච්චි

උෂාන් පෙරේරා

 


අදහස් (0)

අශාන් අභියෝගයකින් තොරවම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.