Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports කේසරට ත්‍රිත්ව ජයග්‍රහණ

කේසරට ත්‍රිත්ව ජයග්‍රහණ

editorial - 2019 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දියතලාව, යුද හමුදා විද්‍යාපීඨ ධාවන පථයේදී පැවැති ’නරියාකන්ද සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ මෝටර් රථ ඉසව් දෙකකදී සහ යතුරපැදි ඉසව්වකදී ජයග්‍රහණ ත්‍රිත්වයක් වාර්තා කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට ලාබාල ක්‍රීඩක කේසර ගොඩගේ සමත් විය. 

එහිදී එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය සහ එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය ජයගත් කේසර, ඉන් නොනැවතී වයස අවුරුදු 15 න් පහළ තරගකරුවන් සඳහා පැවැති ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 සිට 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගයද ජයගත්තේ එවන් දක්ෂතාවක් දැක්වූ පළමු ක්‍රීඩකයා ලෙස වාර්තාවක්ද තබමිනි. 

ඉරෝෂ් සුමනසේකර

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාලනාධිකාරියේ සහ ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනයේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය 27 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලිය, වර්ෂාවෙන් බාධා එල්ල වීම සහ දිවයිනේ ස්ථාන කිහිපයකදී සිදුවූ පිපිරීම් කිහිපය හේතුවෙන් අතරමග නතර කිරීමට සිදුවිය. 

තරගාවලිය නතර කරන විට ඊට ඇතුළත්ව තිබූ තරග ඉසව් 24 න් 17 ක් නිමාවට පත්ව තිබුණද, ඒ වන විට දක්ෂතම මෝටර් රථ රියැදුරා තෝරා ගැනෙන තරග 2 සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරා ගැනෙන තරග දෙකෙන් එකක් පවත්වා නොතිබීම හේතුවෙන් මෙවර දක්ෂතම ක්‍රීඩකයන් සඳහා ශූරතා ප්‍රධානයක් සිදු නොකෙරිණ. 

දක්ෂතම යතුරුපැදිකරුවා තෝරා ගැනීම සඳහා පවත්වනු ලබන එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස් ඉසව්වේ පළමු තරගය ජයගැනීමට යුධ හමුදාවේ සංඥා බලකායේ බුද්ධික කසුන් සිල්වා සමත් විය. ඉකුත් වසරේ (2018) පැවැති ‘නරියාකන්ද සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත් වූ ඉෂාන් දසනායක සමග කළ කර කර සටනකින් අනතුරුව බුද්ධික එම තරගයෙන් ජය ලැබීය. 

වර්ෂාව මධ්‍යයේ පැවැති එම තරගය ආරම්භයේදී පෙරමුණ ගැනීමට ඉවෝන් බී. ගුරුසිංහ සමත් වුවද, දෙවැනි වටය තුළදී ඔහු ලිස්සා යෑමකට ලක්ව ධාවන පථය මත ඇද වැටීමට ලක්විය. ඉවෝන් එලෙස අනතුරකට ලක්වීමත් සමගම තරගයේ පෙරමුණ ගැනීමට දෙවැනි ස්ථානය ගමන්ගත් බුද්ධික කසුන් සිල්වා සමත් විය. ඒ වන විට 5 වැනි ස්ථානයේ රැදී සිටි ඉෂාන් දසනායක, පිළිවෙලින් විනුෂ්ක සිල්වා සහ ජාක් ගුණවර්ධන පසුකර කෙමෙන් කෙමෙන් දෙවැනි ස්ථානය දක්වා පැමිණියේය. 

අනතුරුව තරගයේ අවසන් වට 3 පුරා බුද්ධික පසුපස හඹාගිය ඉෂාන්ට, එහිදී බුද්ධික පසුකර ඉදිරියට පැමිණීමට හැකි වූයේ එක් අවස්ථාවකදී පමණි. ඒ අවසන් වටයේ අවසන් මීටර 300 තුළදීය. එහෙත් තමා පසුකර ඉදිරියට ඇදුණ ඉෂාන්ට පෙරමුණ රැකගනිමින් තරග නිමාව දක්වා ගමන් කිරීමට බුද්ධික ඉඩක් ලබා නොදුන්නේය. තරගය නිමාවට මීටර 150 ක් පමණ පසුපසින් සිටියදී ඉෂාන් පසුකර නැවත වරක් තරගයේ පෙරමුණ ලබාගත් බුද්ධික ජයග්‍රාහකයා ලෙස තරගය නිමා කළේය. 

පැවැති මෝටර් රථ ඉසව් වලින් වඩාත් තරගකාරී ඉසව්ව ලෙස හැඳින්විය හැකි එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය ජය ගැනීමට රන්දික නිරෝෂන් සමත් වූයේ සකීර් වහබ් සහ ලක්මාල් විජේරත්න පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථානවලට ඇද දමමිනි. එම තරගයේදී තෙවැනි ස්ථානයට පත්වුවද, සිය ප්‍රියතම ඉසව්ව වන එස්.එල්.ඒ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගයේ ජය තමන් සතු කර ගැනීමට ලක්මාල් විජේරත්න සමත් විය. 

එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 250 සිට සි.ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් ඉසව්වේ පළමු තරගය ජයගැනීමට දේෂාන් සොලංකි සමත් වූ අතර තරගාවලිය අතර මැද නතර කිරීම හේතුවෙන් එහි දෙවැන්න නොපැවැත්විණ. එම ඉසව්වේ ප්‍රභල ක්‍රීඩකයකු වන ඉමාල් මංචනායක, කාල ගණනය පැවැති දිනයේදී අනතුරකට ලක්වීම නිසා අවසන් මොහොතේ තරගාවලියෙන් ඉවත් විය. 

‘එම්’ කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (ස්ටී්‍රට් ටේ්‍රල්) යතුරුපැදි ඉසව්වේද පළමු තරගය පමණක් පැවැති අතර ඉන් ජය ලැබීමට ශානුක සඳරුවන් සමත් වූයේ ඉවෝන් බී. ගුරුසිංහ සමග කළ ඉතා තියුණු තරගයකින් අනතුරුවය. එම තරගයේ මුල් වට දෙක පුරා පෙරමුණ රැක ගැනීමට ඉවෝන් සමත් වුවද, තෙවැනි වටයේදී ඔහුගේ අතින් සිදුවූ වේගය අඩාල වීමකදී තරගයේ ඉදිරියට පැනගැනීමට ශානුක සමත් විය. ඉන් අනතුරුව තරගය නිමාවන තෙක්ම ඉවෝන්ට තමා පසුකර යෑමට ශානුක කිසිදු ඉඩක් ලබා නොදුන්නේය. 

එස්.එල්.එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගයෙන් පහසු ජයක් අත්කර ගැනීමට මාලික ඩිල්ෂාඞ් සමත් වෙද්දී, එස්.එල්.එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගයේ ජය ඉර්ෆාන් ෆෝඞ් සතු විය. 

ජේ. කාණ්ඩයේ (සි.ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 12 න් පහළ) තරගය ජයගැනීමට ඉරෝෂ් සුමනසේකර සමත් වූ අතර ලාබාලම තරගකරුවන් සහභාගි වූ වයස අවුරුදු 10 න් පහළ ජේ. කාණ්ඩයේ (සි.ධා. 50 දක්වා) යතුරුපැදි තරගය ජයගනු ලැබුවේ ඉමාෂ උදාතර විසිනි. 

මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස හච් සමාගම කටයුතු කළ අතර එහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න සහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා යන මහතවරු ප්‍රධාන ආරාධිතයෝ ලෙස තරගාවලියට සහභාගී වූහ. 


යතුරුපැදි තරග ප්‍රතිඵල

ජේ. කාණ්ඩයේ (සි. ධා. 65 සිට 150 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි තරගය (අවුරුදු 12 න් පහළ)

1 ඉරෝෂ් සුමනසේකර (කේ.ටී.එම්. 85) 

2 දිනෙත් මිහිරංග (යමහා වයි.ඉසෙඞ්. 65) 

3 රිවිනු රත්නායක (කේ.ටී.එම්. 65)  


එම්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි තරගය (ස්ටී්‍රට් ටේ්‍රල්)

1 මධුර පීරිස් (හෂ්කවානා ඩබ්ලිව්.ආර්. 125) 

2 අශේන් ඉෂාර (කේ.ටී.එම්. 125) 

3 එම්.එන්. පෙරේරා (කේ.ටී.එම්. 125) 


ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) යතුරුපැදි තරගය (අවුරුදු 10 න් පහළ)

1 ඉමාෂ උදාතර (යමහා පී.ඩබ්ලිව්. 50)  

2 ශඛීඞ් අහමඞ් (යමහා පී.ඩබ්ලිව්. 50)

3 නෙෂ් කුරේ (යමහා පී.ඩබ්ලිව්. 50) 


එස්.එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට සි.ධා. 750 දක්වා) සුපර් මෝටාඩ් පළමු යතුරුපැදි තරගය

1 දේෂාන් සොලංකි (ටී.වී.එස්. 250) 

2 චාමින් ශ්‍රීවික්‍රම (හොණ්ඩා සී.ආර්.එෆ්. 250) 

3 එල්.එන්. අධිකාරි (කේ.ටී.එම්. 450) 


ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 සිට 150 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි තරගය (අවුරුදු 15 න් පහළ)

1 කේසර ගොඩගේ (කේ.ටී.එම්. 85) 

2 ගඟන ප්‍රනාන්දු (කේ.ටී.එම්. 85) 

3 තාරුක රුමීෂ (හොණ්ඩා 150)


එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද පළමු යතුරුපැදි තරගය (ස්ටී්‍රට් ටේ්‍රල්)

1 ශානුක සඳරුවන් (හොණ්ඩා සී.ආර්.එෆ්.එක්ස්. 250) 

2 ඉවොන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250) 

3 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250)


එම්.එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි තරගය

1 බුද්ධික කසුන් සිල්වා (යමහා වයි.ඉසෙඞ්. 125) 

2 මිතුන් ජයසංක සිගේරා (යමහා වයි.ඉසෙඞ්. 125) 

3 කමල්ඩීන් හම්ධාන් (යමහා වයි.ඉසෙඞ්. 125) 


එම්.එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් පළමු යතුරුපැදි තරගය

1 බුද්ධික කසුන් සිල්වා (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)

2 ඉෂාන් දසනායක (ටී.වී.එස්. ආර්.ටී.ආර්. 250)

3 ජාක් ගුණවර්ධන (කේ.ටී.එම්. 250)


මෝටර් රථ තරග ප්‍රතිඵල

එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය

1 කේසර ගොඩගේ (නිසාන් මාර්ච් 1000)

2 ඩිලුක්ෂ සත්රුවන් (නිසාන් මාර්ච් 1000)

3 හිමේෂ් තෙන්නකෝන් (නිසාන් මාර්ච් 1000)


එස්.එල්.ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය

1 ලක්මාල් විජේරත්න (මොරිස් මිනි 1000)

2 ඉම්රාස් ෆෙරෝස් (ඔස්ටින් මිනි 1000)

3 ප්‍රසාද් වික්‍රමසිංහ (ඔස්ටින් මිනි 1000)


එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය 

1 කේසර ගොඩගේ (ෆොඞ් ලේසර් 1300) 

2 කෝලිත එදිරිසිංහ (ෆොඞ් ලේසර් 1300) 

3 අමිල කළුගම්පිටිය (මැස්ඩා ෆැමිලියා 1300) 


එස්.එල්.ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) නවීකරණය කරන ලද මෝටර් රථ තරගය

1 තිරාන් පෙරේරා (ඔස්ටින් මිනි 1050)

2 චාමික රණතුංග (නිසාන් මාර්ච් 1050)

3 හර්ෂ අමරසිරි (නිසාන් මාර්ච් 1050)


එස්.එල්.එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය

1 ඉර්ෆාන් ෆෝඞ් (හොණ්ඩා සිවික් 1500) 

2 නයිජල් පෙරේරා (හොණ්ඩා සිවික් 1500) 

3 සකීර් වහබ් (හොණ්ඩා සිවික් 1500) 


එස්.එල්.එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය 

1 දේවින් සේරසිංහ (මැස්ඩා ෆැමිලියා 1300)

2 තාරුක රත්නායක (මැස්ඩා ෆැමිලියා 1300) 

3 ලලින් කිරින්ද (ෆොඞ් ලේසර් 1300)


එස්.එල්.එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය

1 රන්දික නිරෝෂන් (හොණ්ඩා සිවික් 1600) 

2 සකීර් වහබ් (හොණ්ඩා සිවික් 1600)

3 ලක්මාල් විජේරත්න (හොණ්ඩා ඊ.ජී.ඪෂ 1600)


එස්.එල්.එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය

1 මලික ඩිල්ෂාඞ් (සුබාරු ලෙගාසි 2200)

2 හෂේන් පීරිස් (සුබාරු ලෙගාසි 2200)

3 චමින්ද වීරසූරිය (සුබාරු ලෙගාසි 2200) 

බුද්ධික කසුන් සිල්වා

ශානුක සඳරුවන්

ඉෂාන් දසනායක

ඉවෝන් බී. ගුරුසිංහ

දේෂාන් සොලංකි

 


අදහස් (0)

කේසරට ත්‍රිත්ව ජයග්‍රහණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.