Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports දක්ෂතම රියැදුරා කිරුළ ද්විත්ව ශූරතා දිනූ අශාන්ට

දක්ෂතම රියැදුරා කිරුළ ද්විත්ව ශූරතා දිනූ අශාන්ට

ශානුක අරවින්ද - 2019 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ද්විත්ව ජයග්‍රහණ හිමිකර ගනිමින් කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පතයේදී පැවැති ‘මොබිල්-1’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට ප්‍රවීණ මෝටර් රථ ක්‍රීඩක අශාන් සිල්වා සමත් විය.  

තරගාවලියේ ප්‍රධානම මෝටර් රථ ඉසව්ව වූ එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ ඉසව්ව අදියර දෙකකින් සමන්විත වූ අතර එම අදියර දෙකම ඉතා පහසුවෙන් ජයගනිමින් අශාන් දක්ෂතම රියැදුරා බවට පත් විය. එම ඉසව්වේ කාල ගණනයට අනුව ඉදිරි පෙළ ආරම්භක ස්ථානය හිමිකරගත් අශාන් අදියර දෙකේදීම කිසිදු තරගකරුවකුට තමා පසුකර ඉදිරියට යෑමට ඉඩක් නොදීමට වගබලාගත්තේය.

අදියර දෙකේදීම දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා උෂාන් පෙරේරා සහ කුෂාන් පීරිස් අතර තියුණු තරගයක් පැවැති අතර උෂාන්ට දෙවැනි ස්ථානයත් කුෂාන්ට තෙවැනි ස්ථානයත් හිමිකර දෙමින් පළමු අදියර නිමාවට පත්විය. කෙසේ වුවත් දෙවැනි අදියරේ ඔවුන් දෙදෙනාගේ මෝටර් රථ එකිනෙක ගැටී කුෂාන්ගේ මෝටර් රථය ධාවන පථයෙන් ඉවතට ඇදී ගිය අතර උෂාන්ගේ මෝටර් රථය එක තැන කරකැවිණ. එම සිදුවීමෙන් නිසි ඵළ නෙලාගත් මිස්සක නවීන්, ඔවුන් දෙදෙනා පසුකර ඉදිරියට ඇදෙමින් දෙවැනි අදියරේ දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය. එහිදී ලද පසුබෑම හමුවේ උෂාන් දෙවැනි අදියරේ තෙවැනි ස්ථානයටත්, කුෂාන් එහි සිවුවැනි ස්ථානයටත් පත්වූහ.

එස්.එල්.එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ ඉසව්ව ජයගැනීමට රන්දික නිරෝෂන් සමත් වෙද්දී ඉර්ෆාන් ෆෝඞ් සහ ඉර්ෂාඞ් ෆාහම් පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත් වූහ. එස්.එල්.එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි.ධා. 1300 දක්වා) මෝටර් රථ ඉසව්වේ ජය ඉමේෂ් සිල්වා සතුවූ අතර එස්.එල්.එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි.ධා. 1500 දක්වා) මෝටර් රථ තරගවේ ජය තරිඳු ධර්මරත්න සතුවිය.

ආසියානු මෝටර් රථ ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය එක්ව සංවිධානය කළ මෙම තරගාවලියට මෝටර් රථ සහ යතුරුපැදි තරගකරුවන් 200 ක් පමණ සහභාගි වූහ. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස හච් සමාගම කටයුතු කළ අතර මොබිල්, සියැට් සහ හොණ්ඩා යන සමාගම් එහි සම අනුග්‍රාහකයන් ලෙස කටයුතු කළේය.


තරග ප්‍රතිඵල

එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ  
1 එම්.එම්.ඒ. ජයනිත් (නිසාන් මාර්ච් 1000)
2 ඩිලූප පල්ලියගුරු (නිසාන් මාර්ච් 1000)
3 ඉමේෂ් නේනකොන් (නිසාන් මාර්ච් 1000)

එස්.එල්.ඒ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ
1 නීල් වීරසිංහ (ඔටෝබැක්ස් මිනි 1000)
2 ආර්. තනුෂ් (ඔස්ටින් මිනි 1000)
3 ඩබ්ලිව්.එන්.එස්. තිසේරා (ඔස්ටින් මිනි 1000)

එස්.එල්.ඒ. කාණ්ඩයේ (සි.ධා. 1050 දක්වා) මෝටර් රථ
1 තිරාන් පෙරේරා (ඔස්ටින් මිනි 1050)
2 සුරින්ද ගුණවර්ධණ (ටොයොටා විට්ස් 1050)
3 චමෝද් පෙරේරා (ටොයොටා විට්ස් 1050)

එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1275 දක්වා) මිනි මෝටර් රථ
1 කුෂාන් පෙරේරා (ඔස්ටින් මිනි 1275)
2 සඳරු වීරසිංහ (ඔටෝබැක්ස් මිනි 1275)
3 දිෂ්මාල් සංකල (ඔස්ටින් මිනි 1275)

ෆෝර්මියුලා මැක්ලරන්ස් (සි.ධා. 1300 දක්වා) මෝටර් රථ පළමු අදියර (කාබියුරේටර්)
1 මෙවන් පෙරේරා (ෆෝර්මියුලා කාබියුරේටර් 1300)
2 ශ්‍රීයාන් ශානක (ෆෝර්මියුලා කාබියුරේටර් 1300)
3 ගයාන් ද සිල්වා (ෆෝර්මියුලා කාබියුරේටර් 1300)

ෆෝර්මියුලා මැක්ලරන්ස් (සි.ධා. 1300 දක්වා) මෝටර් රථ දෙවැනි අදියර (කාබියුරේටර්)
1 මෙවන් පෙරේරා (ෆෝර්මියුලා කාබියුරේටර් 1300)
2 ශ්‍රීයාන් ශානක (ෆෝර්මියුලා කාබියුරේටර් 1300)
3 සුජාන් වර්ණකුලසූරිය (ෆෝර්මියුලා කාබියුරේටර් 1300)

ෆෝර්මියුලා මැක්ලරන්ස් (සි.ධා. 1300 දක්වා) මෝටර් රථ පළමු අදියර (ඉන්දන විද්‍යුත් විසරණ)
1 චන්දිම ගුණරත්න (ෆෝර්මියුලා මැක්ලරන්ස් ඊ.එෆ්.අයි. 1300)
2 බ්‍රයන් පෙරේරා (ෆෝර්මියුලා මැක්ලරන්ස් ඊ.එෆ්.අයි. 1300)
3 කෙවින් පෙරේරා (ෆෝර්මියුලා මැක්ලරන්ස් ඊ.එෆ්.අයි. 1300)

ෆෝර්මියුලා මැක්ලරන්ස් (සි.ධා. 1300 දක්වා) මෝටර් රථ දෙවැනි අදියර (ඉන්දන විද්‍යුත් විසරණ)
1 බ්‍රයන් පෙරේරා (ෆෝර්මියුලා මැක්ලරන්ස් ඊ.එෆ්.අයි. 1300)
2 කෙවින් පෙරේරා (ෆෝර්මියුලා මැක්ලරන්ස් ඊ.එෆ්.අයි. 1300)
3 චන්දිම ගුණරත්න (ෆෝර්මියුලා මැක්ලරන්ස් ඊ.එෆ්.අයි. 1300)

එස්.එල්.ඊ. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි.ධා. 1300 දක්වා) මෝටර් රථ
1 රෂිත පසන් (මැස්ඩා ෆැමිලියා 1300)
2 ශාන් ද සිල්වා (ෆොර්ඞ් ලේසර් 1300)
3 කෝලිත එදිරිසිංහ (ෆොර්ඞ් ලේසර් 1300)

එස්.එල්.එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි.ධා. 1300 දක්වා) මෝටර් රථ
1 ඉමේෂ් සිල්වා (ෆොර්ඞ් ලේසර් 1300)
2 මිහාන් පීරිස් (ෆොර්ඞ් ලේසර් 1300)
3 ශානක ඩයස් (ෆොර්ඞ් ලේසර් 1300)

එස්.එල්.එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි.ධා. 1500 දක්වා) මෝටර් රථ
1 තරිඳු ධර්මරත්න (මැස්ඩා 323 - 1500)
2 මිහාන් පීරිස් (මැස්ඩා ෆැමීලියා 1500)
3 නිෂාන්ත සේනාදීර (මැස්ඩා 323 - 1500)

එස්.එල්.එස්. කාණ්ඩයේ (සි.ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ
1 සාකිර් වහබ් (හොණ්ඩා සිවික් 1500)
2 කාමිල් හුසේන් (හොණ්ඩා සී.ආර්.එක්ස්. 1500)
3 ඉර්ෂාඞ් ෆාහම් (හොණ්ඩා සිවික් 1500)

එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 1600 දක්වා) මෝටර් රථ
1 රන්දික නිරෝෂන් (හොණ්ඩා ඊ.ජී. 1600)
2 ඉර්ෆාන් ෆෝඞ් (හොණ්ඩා සිවික් 1600)
3 ඉර්ෂාඞ් ෆාහම් (හොණ්ඩා සිවික් 1600)

එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ
1 මාලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගසි 2000)
2 ශිරාන් ඩූල් (සුබාරු ලෙගසි 2000)
3 මේනක සඳරුවන් (සුබාරු ලෙගසි 2000)

එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) මෝටර් රථ පළමු අදියර
1 අශාන් සිල්වා (මිට්සුබිශී එවොලූෂන් 2000)
2 උෂාන් පෙරේරා (මිට්සුබිශී එවොලූෂන් 2000)
3 කුෂාන් පීරිස් (මිට්සුබිශී එවොලූෂන් 2000)

එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) මෝටර් රථ දෙවැනි අදියර
1 අශාන් සිල්වා (මිට්සුබිශී එවොලූෂන් 2000)
2 මිස්සක නවීන් (මිට්සුබිශී එවොලූෂන් 2000)
3 උෂාන් පෙරේරා (මිට්සුබිශී එවොලූෂන් 2000)


අදහස් (0)

දක්ෂතම රියැදුරා කිරුළ ද්විත්ව ශූරතා දිනූ අශාන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.