Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘රුහුණු මහ නිල් හටන’ විසඳුමක් නෑ

‘රුහුණු මහ නිල් හටන’ විසඳුමක් නෑ

editorial - 2021 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ මාතර ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 121 වැනි ‘රුහුණු මහ නිල් හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (24 වැනිදා) අවසන් විය. මෙම තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

තෙදින තරගයක් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සඳහා සාන්ත සර්වේශස් විද්‍යාලයට ආරාධනා කළේය. පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 253 ක් රැස්කිරීමට සාන්ත සර්වේශස් ක්‍රීඩකයෝ සමත්වූහ.

අර්ධ ශතකයක් ලබාගත් කුෂාන් විජේරාම (70) සාන්ත සර්වේශස් විද්‍යාලය වෙනුවෙන් පලමු ඉනිමේදී වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර දමිඳු සංකල්ප සහ මධුෂාන් ද සිල්වා ලකුණු 38 බැගින් රැස්කරමින් සිය කණ්ඩායම ලකුණු 250 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.

හිරූෂ ජීවදිත් සහ සිනෙත් දිසානායක කඩුලු 3 බැගින්ද, හරිඳු ජයසේකර සහ සෙනුර පෙරේරා කඩුලු 2 බැගින්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පිළිතුරු ඉනිම ඇරඹූ ශාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 312 කට කඩුලු 8 ක් දැවී තිබියදී ඉනිම අත්හිටුවා නැවත පන්දුවට පහරදීම සඳහා සාන්ත සර්වේශස් විද්‍යාලයට ආරාධනා කළේය.

ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ හිරන්ත ලක්ෂාන් දැවියන විට ලකුණු 127 ක් රැස්කරමින් තරගයේ වැඩි ගෞරව ශාන්ත තෝමස් විද්‍යාලය වෙත නතුකර දීමට සමත්විය.

නිපුන් සමරසිංහ (59) අර්ධ ශතකයක්ද සචිර රශ්මික ලකුණු 39 ක් සහ වෝෂිත අමරසිංහ ලකුණු 35 ක් රැස්කරමින් ශාන්ත තෝමස් විද්‍යාලයේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට ගෙනයාමට ගෙන ගියහ.

ලකුණු 59 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ සාන්ත සර්වේශස් විද්‍යාලීය පිතිකරුවෝ තෙවැනි දිනය අවසන් කරන විට කඩුලු 2 ට ලකුණු 170 ක් රැස්කරමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගත්හ. දිනිරු අබේවික්‍රමසිංහ (නොදැවී 103) ශතකයක් ලබාගනිමින් සාන්ත සර්වේශස් විද්‍යාලයේ ගෞරවය ආරක්‍ෂාකර ගත්තේය.

සා. සර්වේශස් විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 94.5 කදී සියලුදෙනා දැවී 253
(කුෂාන් විජේරාම 70, දමිඳු සංකල්ප 38, මදුෂාන් ද සිල්වා 38, දිනිරු අබේවික්‍රමසිංහ 31, විශ්ව සුපුන් 20, හිරූෂ ජීවදිත් 25/3, සිනෙත් දිසානායක 82/3, හරිඳු ජයසේකර 25/2, සෙනුර පෙරේරා 37/2)

ශා. තෝමස් විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 88 කදී කඩුලු 8 ක් දැවී 312
(හිරන්ත ලක්ෂාන් 127, නිපුන් සමරසිංහ 59, සචිර රශ්මික 39, වෝෂිත අමරසිංහ 35, දමිඳු සංකල්ප 63/2, චතුම් කුලසේකර 49/2)

සා. සර්වේශස් විද්‍යාලීය දෙවැනි ඉනිම - ඕවර 62.4 කදී කඩුලු 2 ක් දැවී 170
(දිනිරු අබේවික්‍රමසිංහ නොදැවී 103, චිරාත් නෙත්තරු නොදැවී 25)


අදහස් (1)

‘රුහුණු මහ නිල් හටන’ විසඳුමක් නෑ
  • ijas Wednesday, 28 April 2021 09:32 AM

    මම නම් ශාන්ත තෝමස් විද්‍යාලයේ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.