Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘රතු තරු‘ බැබළෙයි

‘රතු තරු‘ බැබළෙයි

editorial - 2021 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ අද (19) රාත්‍රී සුගතදාස පිටියේ පැවැති 2 වැනි තරගයේදී දර්ගා නගර රෙඩ් ස්ටාර් ක්‍රීඩකයෝ ප්‍රබල කළුතර බ්ලූ ස්ටාර් කණ්ඩායම ගෝල 4-2 කින් පරාජය කිරීමට සමත් වූහ.

රෙඩ් ස්ටාර් පිලේ එම්. රහමන් දඬුවම් පහර 02ක්ද උපයෝගි කර ගනිමින් මෙම තරගයේදී ගෝල ත්‍රිත්වයක් වාර්තා කළේ 3-36 හා 75 වැනි විනාඩිවලදීය.

බ්ලූ ස්ටාර් පිලේ ඒ. ජෙරී හා සෙනාල් සන්දේෂ් 41වැනි හා 56වැනි විනාඩි වලදී ගෝල වාර්තා කළේය. කළුතර බ්ලූ ස්ටාර් පිලේ තරිඳු එරංග හා ළහිරු තාරක මෙම තරගයේදී විනිසුරුවන් වෙතින් රතු කාඩ්පත ලැබීම නිසා පිටියෙන් පිටමං වීමට සිදුවිය.

 

හෙට (20) දිනයේ පැවැත්වීමට නියමිත සුපර්ලීග් පාපන්දු තරග (කොළඹ සුගතදාස පිටියේදී)

පස්වරු 4.30 -
රිනවුන් - ඩිෆෙන්ඩර්ස් (යුද හමුදාව) අතර

රාත්‍රී 7.30 -
බ්ලූ ඊගල්ස් (ගුවන් හමුදාව) - සීහෝක්ස් (නාවික හමුදාව) අතර

 


අදහස් (0)

‘රතු තරු‘ බැබළෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.