Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘බැලේ’ නැටුම් සංගමය ක්‍රීඩා ඇමති අවලංගු කරයි

‘බැලේ’ නැටුම් සංගමය ක්‍රීඩා ඇමති අවලංගු කරයි

යොහාන් භාසුර - 2020 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


ක්‍රීඩා පනතට අනුව ජාතික ක්‍රීඩා සංගමයක් ලෙස ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ලියාපදිංචි කර තිබූ ‘බෝල්රූම් ඩාන්ස්’ (බැලේ නැටුම්) සංගමයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අති විශේෂ ගැසට් පත්‍රයකින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා අවලංගු කර තිබේ.

“තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ වන මම 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32(ඇ) වගන්තිය යටතේ මා වෙත පවරා ඇති බලතල අනුව බෝල්රූම් ඩාන්සර්ස් ක්‍රීඩාව සඳහා ජාතික සම්මේලනය වන ශ්‍රී ලංකා බෝල්රූම් ඩාන්සර්ස් සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමි” ලෙස අංක 2191/41 අංකය යටතේ මෙම මස (සැප්තැම්බර්) 4 වැනිදා ප්‍රසිද්ධ කර ඇති අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වේ.

මෙම ක්‍රීඩා සංගමය ක්‍රියාත්මක නොවීම මෙම අවලංගු කිරීමට හේතු වී ඇති බව දැනගන්නට තිබේ.   

 


අදහස් (1)

‘බැලේ’ නැටුම් සංගමය ක්‍රීඩා ඇමති අවලංගු කරයි
  • gamage Wednesday, 09 September 2020 04:49 AM

    ඉතාමත් හොඳ තීරණයක්.. ඇමතිතුමනි, මෙවැනි ක්‍රීඩා අපේ රටේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. මේ වෙනුවට අපේ ජනක්‍රීඩා ප්‍රවර්ධනය කළ හැකියි. ජයවේවා..!!! 

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.