Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘චෙස් ක්‍රීඩාව මුල සිට’ වැඩසටහන 25 දා

‘චෙස් ක්‍රීඩාව මුල සිට’ වැඩසටහන 25 දා

editorial - 2020 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රජයේ සහ ජාත්‍යන්තර පාසල්වල තෙවැනි ශ්‍රේණියේ සිට 10 වැනි ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන් වෙනුවෙන් සිංහල මාධ්‍යයෙන් නොමිලේ පවත්වනු ලබන ‘චෙස් ක්‍රීඩාව මුල සිට’ අධ්‍යයන වැඩසටහන මේ මස 25 වැනිදා පස්වරු 3.00 සිට අංක 9, කොළඹ පාර, හඳපාන්ගොඩ ස්ථානයේදී ආරම්භ වේ.

මෙය මාස 3 1/2 ක් පුරා පැවැත්වෙන පැය 36 ක වැඩසටහනක් වන අතර සෙනසුරාදා දිනවලදී පස්වරු 3.00 සිට 5.30 දක්වා පැවැත්වේ. ඊට සහභාගි වන සිසු සිසුවියන්ට චෙස් ක්‍රීඩා පුවරු සහ චෙස් ඉත්තන්ද සපයන අතර වැඩසටහන සාර්ථකව අවසන් කරන අයට කුසලතා සහතික සහ කුසලාන පිරිනැමේ.

මෙම වැඩසටහනට සහභාගි වීම සඳහා සිසුවාගේ හෝ සිසුවියගේ විස්තර දැක්වෙන අයැදුම්පතක් දුරකතන අංකයද සඳහන් කර මව හෝ පියා විසින් සමායෝජක, චෙස් ක්‍රීඩාව අධ්‍යයන මූලික වැඩසටහන, අංක 9, කොළඹ පාර, හඳපාන්ගොඩ ලිපිනයට යොමුකළ යුතුය.

034-2256067 හෝ 071-2063394 යන දුරකතන අංක ඔස්සේ නිතීඥ අරුණ ලස්සිරි මහතා ඇමතීම මගින් මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

-036


අදහස් (0)

‘චෙස් ක්‍රීඩාව මුල සිට’ වැඩසටහන 25 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.