Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘ක්‍රීඩා භූමි’ පාපන්දු ලීගයේ නිලවරණය ඉල්ලති

‘ක්‍රීඩා භූමි’ පාපන්දු ලීගයේ නිලවරණය ඉල්ලති

editorial - 2021 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ක්‍රීඩා භූමි’ පාපන්දු ලීගයේ නිලවරණය (2021-22) විධිමත්ව පවත්වන ලෙස කොළඹ මහ නගර සභාවේ ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුවට අයත් ක්‍රීඩා නිලධාරින් හා ක්‍රීඩා උපදේශකවරුන් පිරිසක් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරියගෙන් ඉල්ලීමක් කර තිබේ.  එම ලිඛිත ඉල්ලීම ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මාෂන්ත ලියනගේ මහතාට ද යොමුකර තිබේ.

වසර අටකට ආසන්න කාලයක් තිස්සේ නිලවරණය නොපවත්වා, ක්‍රීඩා භූමි පාපන්දු ලීගයේ එකම නිලධාරීන් පිරිසක් රැඳී සිටීම නිත්‍යානුකූල නොවන බලවත් අසාධාරණ ක්‍රියාවක් බැවින් ක්‍රීඩා භූමි පාපන්දු ලීගයේ නව නිලධාරි මණ්ඩලයක් තෝරා පත්කර ගැනීමට නොපමාව කටයුතු කරන ලෙසත් ක්‍රීඩා නිලධාරින් හා ක්‍රීඩා උපදේශකවරු 17 දෙනකුගේ අත්සනින් යොමු කළ එම ලිපියේ දැක්වේ. එයින් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ මේ සම්බන්ධයෙන් මීට පෙරත් නාගරික කොමසාරිස්වරිය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙන බවයි.

ක්‍රීඩා භූමි පාපන්දු ලීගයේ නිලවරණය වසර දෙකකට වරක් කැඳවිය යුතු බවට හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂවරිය ලබාදුන් උපදෙස් මෙතෙක් ක්‍රියාත්මක වී නැතැයි ද ඔවුහු ලිපියෙන් වැඩි දුරටත් අවධාරණය කර සිටිති.

ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට මෑතදී ක්‍රීඩා භූමි පාපන්දු ලීගයේ නිලවරණයක් පවත්වා නව නිලධාරි මණ්ඩලයක් තෝරාගත් බවට එහි පාර්ශ්වයක් විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට දැනුම් දීමක් කර ඇතැයි ද කියවේ.


අදහස් (0)

‘ක්‍රීඩා භූමි’ පාපන්දු ලීගයේ නිලවරණය ඉල්ලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.