Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘ඕල්කට්’ පාසල් ක්‍රිකට් තරගාවලිය ගාල්ලේදී

‘ඕල්කට්’ පාසල් ක්‍රිකට් තරගාවලිය ගාල්ලේදී

යොහාන් භාසුර - 2019 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රීමත් ස්ටීල් ඕල්කට් තුමා විසින් ආරම්භ කරන ලද පාසල් අතර 20 වැනි ‘ඕල්කට්’ පාසල් ක්‍රිකට් තරගාවලිය මේ මස 29 වැනිදා සිට දෙසැම්බර් මස 01 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ගාල්ල මහින්ද විදුහල් ක්‍රිකට් පදනම මෙවර තරගාවලියේ සත්කාරත්වය දරයි.

මෙම තරගාවලිය වත්මන් සිසුන් සහ ආදි සිසුන් ලෙස තරගාවලි දෙකකින් සමන්විත වේ.

ගාල්ල මහින්ද, කොළඹ ආනන්ද, කොළඹ නාලන්දා, මහනුවර ධර්මරාජ, කුරුණෑගල මලියදේව, පන්නිපිටිය ධර්මපාල, මාතර රාහුල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක යන විදුහල් අට මෙවර තරගාවලියට සහභාගි වීමට නියමිතය.

කොළඹ නාලන්දා විදුහල පසුගිය වසරේ වත්මන් සිසු තරගාවලියේ ශූරතාව දිනාගත් අතර මහින්ද විදුහලට අනු ශූරතාව හිමිවිය. මහින්ද විදුහල් ආදි සිසුවෝ පසුගිය වසරේ ආදි ශිෂ්‍ය තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් වූ අතර ධර්මරාජ විදුහලට අනු ශූරතාව හිමිවිය.  


අදහස් (0)

‘ඕල්කට්’ පාසල් ක්‍රිකට් තරගාවලිය ගාල්ලේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.