Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ළහිරු - තරිඳු සී.ඩි.බී. පිල දිනවති

ළහිරු - තරිඳු සී.ඩි.බී. පිල දිනවති

රොෂාන් ගුණරත්න - 2021 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ළහිරු මදුශංක (නොදැවී 22) සහ තරිඳු රත්නායක (නොදැවී 22) එක්ව 9 වැනි කඩුල්ල සඳහා පැවැත්වූ ලකුණු 34 ක සම්බන්ධතාවය හේතුවෙන් ජෝන් කීල්ස් පිලට එරෙහිව කඩුලු 2 ක ජයක් හිමිකර ගැනීමට සී.ඩි.බී. ෆිනෑන්ස් පිල අද (20 වැනිදා) සමත්විය. වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘ඒ’ කොටසේ ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මෙම තරගය එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය ප්‍රමාදවූ අතර එක් පිලකට ඕවර 42 කට තරගය සීමාවිය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ජෝන් කීල්ස් පිල ඕවර 39.4 කදී සියලුදෙනා දැවී ලකුණු 189 ක් රැස්කිරීමට සමත්විය.

ජෝන් කීල්ස් පිලේ කඩුලු 6 ක් ලකුණු 69 ක් තුල දැවී තිබියදි ධනංජය ලක්ෂාන් සමගින් පන්දු 56 කදී ලකුණු 57 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ඉෂාන් ජයරත්න ඉන් නොනැවතී 8 වැනි කඩුල්ල සඳහා චාමිකර එදිරිසිංහ සමගින් එක්ව පන්දු 66 කදී ලකුණු 61 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.

ඉෂාන් ජයරත්න පන්දු 57 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 63 ක් රැස්කළ අතර චාමිකර එදිරිසිංහ ලකුණු 32 ක්, ධනංජය ලක්ෂාන් ලකුණු 22 ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 21 ක් රැස්කරමින් ජෝන් කීල්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක වූහ.

තරිඳු රත්නායක සහ ළහිරු මදුශංක කඩුලු 3 බැගින්ද ළහිරු ගමගේ කඩුලු 2 ක් ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 190 ක ඉලක්කයක් හඹාගිය සී.ඩි.බී. ෆිනෑන්ස් පිල ඕවර 41 කදී කඩුලු 8 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය. ළහිරු මදුශංක නොදැවී ලකුණු 22 ක් සහ තරිඳු රත්නායක නොදැවී ලකුණු 22 ක් රැස්කරමින් සී.ඩි.බී. ෆිනෑන්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

චාමිකර එදිරිසිංහ කඩුලු 4 ක් සහ ධනංජය ලක්ෂාන් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද ජෝන් කීල්ස් පිල පරාජයෙන් ගලවා ගැනීමට ඔවුන්ට නොහැකිවූහ.

ජෝන් කීල්ස් - ඕවර 39.4 කදී සියලුදෙනා දැවී 189
(භානුක රාජපක්ෂ 21, ධනංජය ලක්ෂාන් 22, ඉෂාන් ජයරත්න නොදැවී 63, චාමිකර එදිරිසිංහ 32, තරිඳු රත්නායක 30/3, ළහිරු මදුශංක 30/3, ළහිරු ගමගේ 39/2)

සී.ඩි.බී. ෆිනෑන්ස් - ඕවර 41 කදී කඩුලු 8 ක් දැවී 192
(ධනුෂ්ක ප්‍රසාද් 33, මිනෝද් භානුක 35, දමිත සිල්වා 20, මුදිත ලක්ෂාන් 29, ළහිරු මදුශංක නොදැවී 22, තරිඳු රත්නායක නොදැවී 22, චාමිකර එදිරිසිංහ 28/4, ධනංජය ලක්ෂාන් 26/2)


අදහස් (0)

ළහිරු - තරිඳු සී.ඩි.බී. පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.