Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හොංකොං හි තරගාවලි දෙකක් අතහැර දමයි

හොංකොං හි තරගාවලි දෙකක් අතහැර දමයි

නාමල් පතිරගේ - 2020 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොංකොං දේශයේ දී ලබන පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට සූදානම් කර තිබූ ජාත්‍යන්තර ක්‍රීඩා තරග මාලා අත්හිටුවීමට තීරණය කර තිබේ. එබැවින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරගාවලි දෙකක බලාපොරොත්තු අත්හැර දැමීමට සිදුව තිබේ.

චීනය ඇතුළු අවට රටවල් රැසක පැතිර යන කොරෝනා උණ වසංගතය මීට හේතු වී තිබේ.

පෙබරවාරි 9 වැනිදා හොංකොං හිදී පැවැත්වීමට සැලසුම් කර තිබූ ආසියානු මැරතන් තරගාවලියට ශ්‍රී ලංකාව එක් ක්‍රීඩකයකු හා ක්‍රීඩිකාවක නිර්දේශ කර තිබුණි.

මේ අතර හොංකොං හිදී පෙබරවාරි 18 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ හොංකොං ආරාධිත සය කොන් ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලිය ද අත්හැර දැමීමට හොංකොං රාජ්‍යය තීරණය කර තිබේ.

ඒ  සඳහා සූදානම්වූ ශ්‍රී ලංකාව ක්‍රීඩකාවන් 12 දෙනකු ගෙන් සමන්විත කණ්ඩායමක් ඉකුත්දා පුහුණුවීම් ආරම්භ කළේය. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්ෂ්මි වික්ටෝරියා මහත්මියගෙන් ‘ලංකාදීප’ය කළ විමසුමක දී පැවසුවේ ක්‍රීඩිකාවන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පළමුව අවධානය යොමු කළ යුතු බැවින් හොංකොං දේශයේ පැවැත්වෙන තරගාවලිය සඳහා මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාව සහභාගි නොවන බවයි.


අදහස් (0)

හොංකොං හි තරගාවලි දෙකක් අතහැර දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.