Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙළද සේවා සංගමය සංවිධානය කරන විස්සයි20 තරගාවලියේ මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට හේලීස් කණ්ඩායම (‘ඒ’ කාණ්ඩයෙන්) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන කණ්ඩායම (‘බී’ කාණ්ඩයෙන්) සමත්වී ඇත.
‘ඒ’ කාණ්ඩයෙන් තරග කරමින් ප්‍රසාද ලකුණු 10 ක් හිමිකරගෙන ඇති හේලීස් කණ්ඩායම තරග 3 කට සහභාගිවී ඉන් තරග 2 ක් ජයගෙන ඇති අතර තරගයක් විසදුමකින් තොරව අවසන්වී ඇත.
‘බී කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන කණ්ඩායම සහ ඩිමෝ කණ්ඩායම එක් තරගයකට සහභාගිවී එම තරගය ජයගනිමින් ප්‍රසාද ලකුණු 4 බැගින් හිමිකර ගෙන සිටින නමුත් ශුද්ද ලකුණු ලබාගැනීමේ වේගය මත ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත්ව ඇත.
මූලික වටයේ තරග අවසන් කරමින් එල්.බී.ෆිනෑන්ස් සහ යුනිචෙලා කණ්ඩායම් අතර තරගයත්, ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන කණ්ඩායම සහ ඩිමෝ කණ්ඩායම් අතර තරගයත් හෙට (23 වැනිදා) වෙළද සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.
මෙම තරගාවලියේදී කණ්ඩායම් 7 ක් කාණ්ඩ 2 ක් යටතේ තරග වදින අතර ඒ ඒ කාණ්ඩයන්හී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 2 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන ඇත.
පළමු අවසන් පූර්ව තරගය 24 වැනිදා පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි අවසන් පූර්ව තරගය 25 වැනිදා වෙළද සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අවසන් මහ තරගය 26 වැනිදා වෙළද සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා ඇත.
ජනවාරී 22 වැනිදා දක්වා ප්‍රසාද ලකුණු සටහන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.