Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හැව්ලොක්ස් යුද හමුදාව පරදවයි

හැව්ලොක්ස් යුද හමුදාව පරදවයි

editorial - 2020 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගයකදී යුද හමුදා පිල සහ හැව්ලොක් පිල අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී අද (04) පස්වරුවේ පැවැති තරගයෙන් හැව්ලොක් ක්‍රීඩකයෝ ලකුණු 25-17 ක ජයක් ලැබූහ. මෙය හැව්ලොක්ස් පිල මෙවර තරගාවලියේ ලැබූ සිව්වැනි ජය වේ.

ජයග්‍රාහි හැව්ලොක්ස් පිල ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු රැස්කළේය. යුද හමුදා පිලට ගෝලකින් සහ උත්සාහක දිනුම් 2 ක් ලකුණු එකතු විය.

හැව්ලොක් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-7 ක් ලෙස පෙරමුණ ගත්තේය.

අසිත පුංචිහේවා පළමු අර්ධයේදී හැව්ලොක් පිලට උත්සාහක දිනුම සම්පූර්ණ කිරීමට සමත් විය. ප්‍රින්ස් චාමර ගෝල ප්‍රවර්ථනය සහ දඩුවම් පහරක් සාර්ථක කළේය. යුද හමුදා පිලට පළමු අර්ධයේදී සචින් ගමගේ සම්පූර්ණ කළ උත්සාහක දිනුම ගයාන් සාලින්ද ගෝලයක් බවට ප්‍රවර්ථනය කළේය.

හැව්ලොක් පිලට දෙවැනි අර්ධයේදී සයන් සබාර් සහ සහ ඩිලංක පෙරේරා උත්සාහක දිනුම් සම්පූර්ණ කළහ. ප්‍රින්ස් චාමර දෙවැනි අර්ධයේදී ද ගෝල ප්‍රවර්ථනයක් සහ දඩුවම් පහරක් සාර්ථක කළේය.

ධනුෂ්ක තල්වත්ත සහ තුසිත සේනානායක දෙවැනි අර්ධයේදී යුද හමුදා පිලට උත්සාහක දිනුම බැගින් එකතු කළහ.   
 

- 048

 


අදහස් (0)

හැව්ලොක්ස් යුද හමුදාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.