Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හැව්ලොක්ස් පිලට පහසු ජයක්

හැව්ලොක්ස් පිලට පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ සිවුවැනි සතියේ අවසන් තරගය ලෙස හැව්ලොක්ස් පිටියේදී අද (27) පස්වරුවේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති තරගයේදී හැව්ලොක්ස් ක්‍රීඩකයෝ ලකුණු 35-6 කින් ගුවන් හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ.

මෙය හැව්ලොක්ස් පිල මෙවර තරගාවලියේ තරග 11 යේදී ලැබූ 10 වැනි ජය මෙය වේ.

හැව්ලොක්ස් ක්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-6 ක් ලෙස පෙරමුණේ පසුවූහ.
චාමර දාබරේ 13 වැනි මිනිත්තුවේදී ගෝල කණු අතර තැබූ පන්දුවට රීසා මුබාරක් අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ සී. එච්. පිල ලකුණු 7-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය.

ගුවන් හමුදා පිලට 20 වැනි මිනිත්තුවේදී ලැබූ දඩුවම් පහර ගයන්ත ඉද්දමල්ගොඩ සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව 7-3 ක් බවට පත්විය.  

රීසා මුබාරක් ක්‍රියාත්මක වෙමින් 28 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් එය ගෝලයක් බවට ද ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු තත්ත්වය 14-3 ක් බවට පත්කරමින් සී. එච්. පිල තව දුරටත් ඉදිරියට පැමිණියේය.

ගුවන් හමුදා පිලේ ගයන්ත ඉද්දමල්ගොඩ 33 වැනි මිනිත්තුවේදී සාර්ථක කළ දඩුවම් පහරත් සමගින් ලකුණු පුවරුව 14-6 ක් බවට පත්විය.   

දෙවැනි අර්ධයේ අටවැනි මිනිත්තුවේදී දුෂ්මන්ත ප්‍රියදර්ශන හැව්ලොක්ස් පිලට උත්සාහක දිනුමක් එකතු කළේය. රීසා මුබාරක් එයට අතිරේක ලකුණු එකතු කරමින් ලකුණු පුවරුව 21-6 ක් බවට පෙරලුණි.

සඳුන් හේරත් 16 වැනි මිනිත්තුවේදී සහ ශව්කොට් ලාහිර් 30 වැනි මිනිත්තුවලදී හැව්ලොක්ස් පිලට එකතු කළ උත්සාහක දිනුම් රීසා මුබාරක් ගෝල බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 35-6 ක් බවට පත්විය.  


අදහස් (0)

හැව්ලොක්ස් පිලට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.