Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හැව්ලොක්ස් 8 වැනි ජය ලබයි

හැව්ලොක්ස් 8 වැනි ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ දෙවැනි වටයේ දෙවැනි සතියේ අවසන් තරගය ලෙස වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී අද (13) පස්වරුවේ පැවැති තරගයේදී හැව්ලොක්ස් පිල ලකුණු 31-20 කින් සත්කාරක නාවික හමුදා පිල පරාජය කිරීමට සමත් විය.

මෙය හැව්ලොක්ස් පිල මෙවර තරගාවලියේ ලැබූ අටවැනි ජයග්‍රහණය වේ. හැව්ලොක්ස් පිල උත්සාහක දිනුම් පහක් වාර්තා කරමින් අතිරේක ප්‍රසාද ලකුණ ද හිමිකරගත්තේය.  

හැව්ලොක්ස් ක්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 24-10 ක් ලෙස ලකුණු 14 කින් පෙරමුණේ පසුවූහ.

හැව්ලොක්ස් පිලේ සිතුම් පීරිස් දෙවැනි මිනිත්තුවේදීම උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. නාවික හමුදා පිලේ නායක තිළිණ වීරසිංහ හයවැනි මිනිත්තුවේදී සාර්ථක කළ දඩුවම් පහරත් සමගින් ලකුණු පුවරුව 5-3 ක් බවට පත්විය.

චරිත් ජනිත 13 වැනි මිනිත්තුවේදී ගෝල කණු අතර තැබූ පන්දුවට තිළිණ වීරසිංහ අතිරේක ලකුණු මුසුකිරීමෙන් නාවික හමුදා පිල ලකුණු 10-5 ක් ලෙස පෙරමුණට පැමිණියේය.

මිනිත්තු හයක් ඇතුළත හැව්ලොක්ස් පිලට රීසා මුබාරක් ගෝලයක් සහ අෂ්මීර් ෆජුඩීන් උත්සාහක දිනුමක් එකතු කිරීමෙන් 25 වැනි මිනිත්තුව වන විට හැව්ලොක්ස් පිල ලකුණු 17-10 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය.
මිතුන් හපුගොඩ 29 වැනි මිනිත්තුවේදී හැව්ලොක්ස් පිලට උත්සාහක දිනුමක් එකතු කළ අතර රීසා මුබාරක් එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කළේය. ඒ අනුව ලකුණු පුවරුව 24-10 ක් බවට පත්විය.

තිළිණ වීරසිංහ දෙවැනි අර්ධයේ දෙවැනි මිනිත්තුවේදී නාවික හමුදා පිලේ දඩුවම් පහර අවස්ථාවක් සාර්ථක කරමින් ලකුණු තුනක් එකතු කළේය. හත්වැනි මිනිත්තුවේදී කසුන් ද සිල්වා ක්‍රියාත්මක වෙමින් නාවික හමුදා පිලට එකතු කළ උත්සාහක දිනුම, තිළිණ වීරසිංහ ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 24-20 ක් බවට පත්ව පරතය අවම විය.

හැව්ලොක්ස් පිලට ලසිඳු කරුණාතිලක 15 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් එකතු කරමින් නැවතත් පරතය වැඩිකරගත්තේය. රීසා මුබාරක් එහි ගෝල ප්‍රවර්ථනය ද සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව 31-20 ක් බවට පත්විය.    

 


අදහස් (0)

හැව්ලොක්ස් 8 වැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.