Last Update  :  2024-04-24 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හැව්ලොක්ස් 31-24 කින් සී. ආර්. පරදවයි

හැව්ලොක්ස් 31-24 කින් සී. ආර්. පරදවයි

Nisanka Sandeepani - 2019 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

     

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ දෙවැනි වටයේ තෙවැනි සතියේ අවසන් තරගය ලෙස හැව්ලොක්ස් පිටියේදී ඊයේ (19) පැවැති තරගයේදී හැව්ලොක්ස් පිල ලකුණු 31-24 ක් ලෙස සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කිරීමට සමත් විය. 

හැව්ලොක්ස් පිල මෙම ජයග්‍රහණයත් සමඟ තරග 10 කදී නවවැනි ජය වාර්තා කළේය. 

මෙම තරගයේදී හැව්ලොක්ස් ක්‍රීඩකයන් තිදෙනකු සහ සී. ආර්. ක්‍රීඩකයන් දෙදෙකු කහ කාඞ්පත් අවවාද හතක් ලැබීම කැපී පෙනුණි. එහිදී හැව්ලොක්ස් පිලේ උමේෂ් මධුෂාන් සහ සී. ආර්. පිලේ ෂේන් ඩයස් අවස්ථා දෙකකදී කහ කාඞ්පත් අවවාද ලබා පිටියෙන් ඉවත් කිරීම කැපී පෙනුණි.

හැව්ලොක්ස් ක්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-7 ක් ලෙස පෙරමුණේ පසුවූහ. 
දෙවැනි අර්ධයේදී තරගය වඩාත් උණුසුම් වූ අතර එම අර්ධයේ 28 වැනි මිනිත්තුවේදී ලකුණු පුවරුව 19-19 ක් ලෙස සම විය. 

හැව්ලොක්ස් පිල ඉන් පසුව ගෝලයක් සහ උත්සාහක දිනුමකින් ලකුණු 12 ක් රැස්කරමින් පෙරමුණට පැමිණියේය. සී. ආර්. පිල අවසන් මිනිත්තු දෙක ඇතුළත උත්සාහක දිනුමක් සම්පූර්ණ කළ ද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. 

ජයග්‍රාහි හැව්ලොක්ස් පිල ගෝල දෙකකින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහර ගෝලයකින් ලකුණු රැස් කළේය. සී. ආර්. පිලට ගෝල දෙකකින් සහ උත්සාහක දිනුම් දෙකනින් ලකුණු එකතු විය. 

ජයග්‍රාහි හැව්ලොක්ස් පිල ලසිඳු කරුණාතිලක, මිතුන් හපුගොඩ, චාමර දාබරේ සහ දුෂ්මන්ත ප්‍රියදර්ශන උත්සාහක දිනුම බැගින් එකතු කළහ. රීසා මුබාරක් ගෝල ප්‍රවර්ථන දෙකක් සාර්ථක කළේය. 

සී. ආර්. පිලට ඔමල්ක ගුණරත්න උත්සාහක දිනුම් දෙකක් සම්පූර්ණ කිරීමට සමත් විය. රීසා රෆයිඩීන් සහ මිතිල පෙරේරා උත්සාහක දිනුම බැගින් සී. ආර්. පිලට එකතු කළහ. රීසා රෆයිඩීන් ගෝල ප්‍රවර්ථන දෙක සාර්ථක කළේය.    

222

1111

UIUIUIU

  

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

හැව්ලොක්ස් 31-24 කින් සී. ආර්. පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.