Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හැව්ලොක් පිල තෙවැනි ජය ලබයි

හැව්ලොක් පිල තෙවැනි ජය ලබයි

editorial - 2019 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන රග්බි තරගාවලියේ සිව්වැනි සති අන්තයේදී හැව්ලොක්ස් ක්‍රීඩකයෝ ලකුණු 13-11 කින් ගුවන් හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ. හැව්ලොක්ස් පිල මෙවර තරගාවලියේ තරග හතරකදී ලැබූ තෙවැනි ජය මෙයයි.

හැව්ලොක් පිල උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු 13 රැස් කළේය. ගුවන් හමුදා පිලට උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු එකතු විය.

ගුවන් හමුදා ක්‍රීඩකයෝ කොළඹ ප්‍රධාන පෙළේ රග්බි ක්‍රීඩා සමාජයක් වන හැව්ලොක් පිලට හොඳ අභියෝගයක් යොමු කිරීම මෙහිදී කැපී පෙනුණි. ඒ හේතුවෙන් පළමු අර්ධය අවසන් වන විට ලකුණු පුවරුව 3-3 ක් ලෙස සම තත්ත්වයේ පැවතුණි.

   

- 048


අදහස් (0)

හැව්ලොක් පිල තෙවැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.