Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හැමිල්ටන් යළිත් ජය මාවතට

හැමිල්ටන් යළිත් ජය මාවතට

editorial - 2020 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ස්පාඤ්ඤයේ බාසිලෝනාහි කැටලුන්‍යා ධාවන පථයේදී ස්පාඤ්ඤ ගෝන් ප්‍රී තරගය ජයගැනීමට මර්සිඩීස් කණ්ඩායමේ ලුවිස් හැමිල්ටන් සමත් විය. මෙම වසර (2020) තුළ පැවැත්වෙන ෆෝමියුලා-I තරග මාලාවේ හයවැනි ගෝන් ප්‍රී තරගය විය එම තරගවලදී හැමිල්ටන් ලැබූ සිවුවැනි ජයග්‍රහණයද මෙයයි.

වට 66 කින් සමන්විත වූ සමස්ත තරගය නිමා කිරීම සඳහා හැමිල්ටන්ට ගතවූ කාලය පැය 1 යි, විනාඩි 31 යි, තත්පර 45.279 කි. මෙම ජයග්‍රහණයත් සමග ලකුණු 25 ක් ලබාගත් හැමිල්ටන්, මුලු ලකුණු 132 ක් ලබා තවදුරටත් රියදුරන්  ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණ රැකගැනීමටද සමත් විය.

ඉකුත් සති අන්තයේ එංගලන්තයේ සිල්වර්ස්ටෝන් ධාවන පථයේදී පැවැති 70 වැනි සංවත්සර ගෝන් ප්‍රී තරගයේදී දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවුවද, මෙම තරගයේදී ලැබූ ජයග්‍රහණයක් සමග යළිත් තමාට සුපුරුදු ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට හැමිල්ටන් සමත් විය.

සුදුසුකම් ලැබීමේ අදියරේ එක් වටයක් නිමා කිරීම සඳහා විනාඩි 1 යි, තත්පර 15.584 ක අවම කාලයක් වාර්තා කිරීම හේතුවෙන් සිවුවැනි ස්ථානයේ සිට ගෝන් ප්‍රී තරගය ආරම්භ කළ වර්ස්ටපෙන්, තරගය තුළදී වටයක් නිමා කිරීමට සඳහා වැය කළ අවම කාලය විනාඩි 1 යි, තත්පර 18.183 කි.

හැමිල්ටන්ට වඩා තත්පර 24.177 ක් පසුපසින් තරගය නිමා කළ රෙඞ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපෙන් සහ තත්පර 44.752 ක් පසුපසින් තරගය නිමා කළ මර්සිඩීස් කණ්ඩායමේ වෙල්ටරි බොටාස් පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ. බොටාස් දෙවැනි ස්ථානයේ සිටද, වර්ස්ටපෙන් තෙවැනි ස්ථානයේ සිටද මෙම තරගය ආරම්භ කළහ.

තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීම වෙනුවෙන් වර්ස්ටපෙන්ට ලකුණු 18 ක් හිමිවිය. තරග 6 කින් අනතුරුව මුලු ලකුණු 95 ක් ලබා සිටින ඔහු ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ මේවනවිට රැදී සිටියි. මෙම තරගයේදී ලබාගත් ලකුණු 16 ත් සමග මුලු ලකුණු ලකුණු 89 ක් හිමිකර ගැනීමට බොටාස් සමත් වූවද, තවදුරටත් ඔහු ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවෙයි.

කෙසේ වුවත් හැමිල්ටන් සහ බොටාස් නියෝජනය කරන මර්සිඩීස් කණ්ඩායම මේ වන විට ලකුණු 221 ක් ලබා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගෙන සිටියි. රෙඞ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායම ලකුණු 135 ක් සමග එහි දෙවැනි ස්ථානයේ පසුවන අතර රේසිං පොයින්ට් මර්සිඩීස් කණ්ඩායම ලකුණු 63 ක් සමග තෙවැනි ස්ථානයේ රැදී සිටියි.

මෙම තරගයෙන් අනතුරුව බෙල්ජියම් ගෝන් ප්‍රී තරගය මේ මස 30 වැනිදාද, අදියර දෙකකින් සමන්විත ඉතාලි ගෝන් ප්‍රී තරගය සැප්තැම්බර් මස 6 සහ 13 යන දිනවලදීද පැවැත්වීමට නියමිතය. එම තරගවලින් පසුව රුසියානු (සැප්තැම්බර් 27), ජර්මනි (ඔක්තෝබර් 11) සහ පෘතුගාල (ඔක්තෝබර් 25) යන ගෝන් ප්‍රී තරගද මේ වසර තුළදී පැවැත්වේ.

 

තරග ප්‍රතිඵල
1 ලුවිස් හැමිල්ටන් (මර්සිඩීස්) - පැය 1:31:45.279
2 මැක්ස් වර්ස්ටපෙන් (රෙඞ්බුල් රේසිං හොණ්ඩා) - පැය 1:32:09.456
3 වෙල්ටරි බොටාස් (මර්සිඩීස්) - පැය 1:32:30.031
4 ලාන්ස් ස්ට්‍රෝල් (රේසිං පොයින්ට් මර්සිඩීස්) - ජයග්‍රාහකයාට වටයක් පසුපසින්
5 සර්ජියෝ පෙරේස් (රේසිං පොයින්ට් මර්සිඩීස්) - ජයග්‍රාහකයාට වටයක් පසුපසින්
6 කාර්ලෝස් f1414ස්න්ස් (මැක්ලරන් රෙනෝල්ට්) - ජයග්‍රාහකයාට වටයක් පසුපසින්
7 සෙබෙස්තියන් වෙට්ල් (ෆෙරාරි) - ජයග්‍රාහකයාට වටයක් පසුපසින්
8 ඇලෙක්සැන්ඩර් ඕල්බන් (රෙඞ්බුල් රේසිං හොණ්ඩා) - ජයග්‍රාහකයාට වටයක් පසුපසින්
9 පෙයිරී ගාස්ලි (ඇල්ෆා හොණ්ඩා) - ජයග්‍රාහකයාට වටයක් පසුපසින්
10 ලැන්ඩෝ නොරිස් (මැක්ලරන් රෙනෝල්ට්) - ජයග්‍රාහකයාට වටයක් පසුපසින්
 
-036


අදහස් (0)

හැමිල්ටන් යළිත් ජය මාවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.