Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හර්දික් - ප්‍රිත්වි - යාදව් හැළෙති

හර්දික් - ප්‍රිත්වි - යාදව් හැළෙති

editorial - 2021 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු වතාවට පැවැත්වෙන ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගය සඳහා නම් කරන ලද 20 දෙනෙකුගෙන් යුත් ඉන්දිය සංචිතයෙන් හර්දික් පාණ්ඩ්‍යා, ප්‍රිත්වි ෂෝ සහ කුල්දීප් යාදව් ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. විරාට් කෝලී ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර අජින්ක්‍යා රහනේ උපනායකයා ලෙස කටයුතු කරනු ඇත.

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා සංචිතයට නම්කරන ලද ක්‍රීඩකයන් 20 දෙනාට අමතරව තවත් අතිරේක ක්‍රීඩකයක් සිව්දෙනෙකුද නම්කර තිබේ. කොරෝනා වයිරසයේ පැතිරීම හේතුවෙන් ඇතිවිය හැකි තත්ත්වයන්ට මුහුණදීම සඳහා මෙම අතිරේක ක්‍රීඩකයන් නම්කරනු ලැබ ඇත. අභිමන්යු ඊස්වරන්, ප්‍රසිද් ක්‍රිෂ්ණා, අවේෂ් ඛාන් සහ අර්සාන් නාග්වස්වල්ලා අතිරේක ක්‍රීඩකයෝ වෙති.

එසේ වුවත් ප්‍රසිද් ක්‍රිෂ්ණාට මේ  වන විටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. කොල්කටා නයිට් රයිඩර්ස් පිල නියෝජනය කරන වේ පන්දු යවන්නකු වන ප්‍රසිද් ක්‍රිෂ්ණ, කොරෝනා වයිරසය ආසාදනය වූ සිව්වැනි කොල්කටා ක්‍රීඩකයාය.

ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා නම්කළ ඉන්දීය ටෙස්ට් සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන්ම එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියටද ඇතුළත්වේ. ලෝකේෂ් රාහුල් සහ රිධිමන් සහා ඉන්දීය ටෙස්ට් සංචිතයට ඇතුළත් වුවද ශාරීරික යෝග්‍යතාව සුදුසු මට්ටමක පැවැතියහොත් පමණක් එංගලන්තය බලා පිටත්ව යනු ඇත.

ඕස්ටේ්‍රලියාවට එරෙහිව මේ වසර මුලදී පැවැති ටෙස්ට් තරගාවලියේදී ආබාධයකට ලක්වූ රවින්ද්‍ර ජදේජා එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියට එක් නොවුනද ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් තරගය සඳහා නම්කරන ලද සංචිතයට කැඳවා ඇත.

ආබාධයට ලක්වූ රවින්ද්‍ර ජදේජා වෙනුවට එංගලන්ත තරගාවලියේදී ටෙස්ට් වරම් හිමිකරගත් අක්සර් පතෙල් එහිදී දක්ෂතා හේතුවෙන් ටෙස්ට් සංචිතයේ තම ස්ථානය සුරක්ෂිත කර ගැනීමට සමත්වී ඇත.

ජුනී 18 වැනිදා සිට 22 වැනිදා දක්වා එංගලන්තයේ සදම්ප්ටන්හිදී ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගය පැවැත්විමට කටයුතු යොදා ඇත.

එංගලන්තය එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය අගෝස්තු 4 වැනිදා සිට සැප්තැම්බර් 14 දා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.


ඉන්දීය ටෙස්ට් සංචිතය
විරාට් කෝලී (නායක), අජින්ක්‍යා රහනේ (උපනායක), රෝහිත් ෂර්මා, ශුම්බන් ගිල්, මයන්ක් අගර්වාල්, චෙතේෂ්වර් පුජාරා, හනුමා විහාරී, රිෂාබ් පාන්ට්, රවිචන්ද්‍රන් අශ්වින්, රවින්ද්‍ර ජදේජා, අක්සාර් පතෙල්, වොෂින්ටන් සුන්දර්, ජස්ප්‍රීට් බුම්රා, ඉෂාන්ත් ෂර්මා, මොහොමඩ් ශාමී, මොහොමඩ් සිරාජ්, ශර්දුල් ඨාකූර්, උමේෂ් යාදව්, ලෝකේෂ් රාහුල්, විර්ධිමාන් සාහා.

අතිරේක ක්‍රීඩකයෝ
අභිමන්යු ඊශ්වරන්, ප්‍රසිද් ක්‍රිෂ්ණා, අවේෂ් ඛාන් සහ අර්සාන් නාග්වස්වල්ලා

​ - 2079

 


අදහස් (0)

හර්දික් - ප්‍රිත්වි - යාදව් හැළෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.