Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හයේ පහරේ ලෝක වාර්තාව ඉහළ ගිය හැටි

හයේ පහරේ ලෝක වාර්තාව ඉහළ ගිය හැටි

editorial - 2019 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අඩ සියවසකට ආසන්න ඉතිහාසයක් ඇති එක්දින අන්තර්ජාතික තරග ක්ෂේත්‍රයේ එක තරගයකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් ගැසූ ක්‍රීඩකයා ලෙසින් එංගලන්ත නායක ඔයින් මෝගන් ඊයේ (18 වැනිදා) ලෝක වාර්තා පොතට එක්විය. ඒ ඇෆ්ඝනිස්තානු කණ්ඩායමට එරෙහිව හයේ පහර 17 ක් සිය ඉනිමට එකතු කරමිනි. 

එක්දින තරගයක පළමු හයේ පහර වාර්තා වන්නේ 1971 දී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයෙනි. ලෝකයේ පළමු වැනි එක්දින අන්තර්ජාතික තරගය වූ මෙම තරගයේදී ලොව පළමු එක්දින හයේ පහර ගසන ලද්දේ ඉයන් චැපල් විසිනි. 

එයින් වසර දෙකකට පසුව නවසීලන්තයේ රිචඞ් හැඞ්ලි එංගලන්තයට එරෙහිව හයේ පහර දෙකක් සිය ඉනිමට ඇතුළත් කළ අතර තවත් වසර 3 කට පසුව, එනම් 1976 දී, කොදෙව් පිලේ හිටපු නායක ක්ලයිවි ලොයිඞ් බර්මින්හැම්හිදී එංගලන්තයට එරෙහිව හයේ පහර 3 ක් සිය ඉනිමට ඇතුළත් කළේය. 

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය දිනාගත් 1996 දී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවා වූ සනත් ජයසූරියද තරගයකදී ලබාගත් වැඩිම හයේ පහරේ ලෝක වාර්තාවට හිමිකම් කීවේ පාකිස්තානුවන් හමුවේ හයේ පහර 11 ක් ගැසීමෙනි. එය සිංගප්පූරුවේදී පැවැති තරගයක් විය. 

මේ වන විට එම වාර්තාව හයේ පහර 17 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

වසර 48 ක් පුරා එක්දින තරගයදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් ගැසීමේ ලෝක වාර්තාව ඉහළ ගිය ආකාරය

 


අදහස් (0)

හයේ පහරේ ලෝක වාර්තාව ඉහළ ගිය හැටි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.