Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හතුරුසිංහට චෝදනා පත්‍රයක්

හතුරුසිංහට චෝදනා පත්‍රයක්

යොහාන් භාසුර - 2019 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට චෝදනා පත්‍රයක් යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (06) තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභා රැස්වීමක් අද (06) පස්වරුවේ පැවැත්විණි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගෙන් කළ විමසුමේදී පැවසුවේ හතුරුසිංහ මහතාට චෝදනා පත්‍රයක් යොමු කළ බවත් දින 14 ක් ඇතුළත ඒ මහතා පිළිතුරු සැපයිය යුතු බවත්ය. 

“අපි ඒ චෝදනා පත්‍රයට සියලු කරුණු ඇතුළත් කර තිබෙනවා. ඔහු ඒවට දින 14 ක් තුළ උත්තර දෙන්න ඕනේ. ඉන් පසුව අපි බලනවා මොකද කරන්නෙ කියලා” 

“ඉදිරි නවසීලන්ත සංචාරයේදී පුහුණුකරු ලෙස හතුරුසිංහ වැඩ කරනවද නැද්ද කියලා අපි ඉදිරි පැය කීපයේදී තීරණය කරනවා” යැයි සභපතිවරයා වැඩි දුරටත් පැවසීය.  

 


අදහස් (0)

හතුරුසිංහට චෝදනා පත්‍රයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.