Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හතුරුසිංහ කරුණු දක්වයි

හතුරුසිංහ කරුණු දක්වයි

යොහාන් භාසුර - 2019 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A



ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොමු කළ චෝදනා පත්‍රයට ඒ මහතා පසුගිය සතියේ ලිඛිතව කරුණු දක්වා තිබේ.

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය මේ මස 7 වැනිදා චෝදනා පත්‍රයක් යොමු කළ අතර එයට දින 14 ක් තුළ කරුණු දැක්විය යුතු විය. ඒ අනුව අනිද්දා (21) දක්වා කරුණු දැක්වීමට කාලය තිබුණ ද හතුරුසිංහ මහතා පසුගිය සතියේ සිය කරුණු දැක්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතාට යොමුකර තිබේ.

ඇෂ්ලි ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමේදී පැවසුවේ හතුරුසිංහ පසුගිය සතියේ කරුණු දැක්වීමේ ලිපිය යොමු කළ බවයි.

“දැන් ඔහු කරුණු දක්වා තියෙනවා. දැන් අපි එම කරුණු සළකා බැලිය යුතුයි. මොකද ඔහුටත් අවස්ථාව දෙන්න ඕනෙනේ. ඉන් පසුව ඉදිරි පියවර ගන්නවා” යැයි අෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.


අදහස් (1)

හතුරුසිංහ කරුණු දක්වයි
  • deepa_d Saturday, 24 August 2019 02:34 AM

    හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි මම විශ්වාස කරමි. ඔහු විශිෂ්ට පුහුණුකරුවෙකු. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැරදි ලෙස පාලනය කළා. ඔහු මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ගිණුමෙන් රුපියල් මිලියන ගණනක නිවාඩුවක් භුක්ති විඳිනවා.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.