Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හිමාෂට විනය පරීක්‍ෂණයක්

හිමාෂට විනය පරීක්‍ෂණයක්

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය පාදයක පවතින බව කියන ආබාධය සඟවා ගෙන ඉන්දුනීසියාවේ “ජාකර්තා” නුවරදී නිමාවට පත්වූ 18 වැනි ආසියානු ක්‍රීඩා පෙරහුරු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ බවට චෝදනා එල්ලවී තිබෙන මීටර් 100 ක්‍රීඩක හිමාෂ ඒෂාන්ට එරෙහිව විනය පරීක්ෂණයක් අනිද්දා (21) පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

ඒ සඳහා මලල ක්‍රීඩා සංගමයේ එච්.ඩබ්. නිමල්සිරි, සමන් කුමාර ගුණවර්ධන හා බර්නාඞ් පෙරේරා යන නිලධාරි මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක්ද මේ වනවිට පත්කර තිබේ.

එම තරග සංචාරයට මීටර 100x4 සහය දිවීමේ (පිරිමි) කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වූ හිමාෂ ඒෂාන් පාදයේ පවතින බව කියන ආබාධය හේතුවෙන් එහිදී තරග වැදීමෙන් වැළකී සිටි බව ද වාර්තාවේ.

මෙම තරග සංචාරය සඳහා පළමුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනකුගෙන් පමණක් සමන්විත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩා ඇමැති අනුමැතිය ලැබුණත් පසුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 24 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා ඇමැති අනුමැතිය හිමිවිය.

කෙසේ වෙතත් පළමු අනුමැතියේදීම හිමාෂ ඒෂාන්ට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වීමේ අවස්ථාව හිමිව තිබුණි.

 


අදහස් (0)

හිමාෂට විනය පරීක්‍ෂණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.