Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සෝන්ඩර්ස් ක්‍රීඩකයෝ රිනවුන් පිල පරදවති

සෝන්ඩර්ස් ක්‍රීඩකයෝ රිනවුන් පිල පරදවති

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී රිනවුන් ක්‍රීඩා සමාජයට එරෙහිව කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 3-2 ක් ලෙස ජය ගැනීමට සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සමත් විය.

සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ සුන්දරාජ් නිරේෂ් තරගයේ 77 වැනි මිනිත්තුවේදී සහ 92 වැනි මිනිත්තුවේදී (අතිරේක කාලයේදී) ගෝල ද්විත්වයක් ලබාගත් අතර එම කණ්ඩායමේම එම්. නලීම් 81 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබාගත්තේය.

අයි.ඕ. ජිමෝ (31 වැනි මිනිත්තුවේදී) සහ එම්.එෆ්.එම්. අෂාත් (53 වැනි මිනිත්තුවේදී) රිනවුන් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ ගෝල වලට හිමිකම් කීහ.

මෙම තරගයේදී සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ ඉසුරු පෙරේරා සහ ඩී.ඩී.එස්. ධර්මපාල කහ කාඞ්පත් ලැබූහ.


-036

 


අදහස් (0)

සෝන්ඩර්ස් ක්‍රීඩකයෝ රිනවුන් පිල පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.