Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සෙරන්ඩිබ් පිලට ගෝල 5-0 ක පහසු ජයක්

සෙරන්ඩිබ් පිලට ගෝල 5-0 ක පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ප්‍රීමියර් ලීග් පාපන්දු තරගාවලියේදී ශාන්ත මරියා ක්‍රීඩා සමාජයට එරෙහිව අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 5-0 ක් ලෙස ජය ගැනීමට සෙරන්ඩීබ් ක්‍රීඩා සමාජය සමත් විය.

එහිදී සෙරන්ඩීබ් ක්‍රීඩා සමාජය වෙනුවෙන් එම්.ජේ.එම්. රාජ්ශෙරෝන් 24 වැනි, 47 වැනි සහ 57 වැනි මිනිත්තුවලදී ගෝල ත්‍රිත්වයක් ලබාගත් අතර එම්.එම්.එම්. අෂිර් සහ ඇසන්ටේ එවන්ස් පිළිවෙලින් 63 වැනි සහ 87 වැනි මිනිත්තුවලදී ගෝල ලබාගත්හ.

තරගයේ 70 වැනි මිනිත්තුවේදී ශාන්ත මරියා ක්‍රීඩා සමාජයේ සී. ජැක්සන් රතු කාඞ්පතක් ලැබූ අතර සෙරන්ඩීබ් සමාජයේ එම්.එෆ්.එම්. මොහොමඞ් කහ කාඞ්පත් ලැබීය.

-036

 


අදහස් (0)

සෙරන්ඩිබ් පිලට ගෝල 5-0 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.