Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සූරියවැව යන්න වෙනම ගුවන් යානයක්

සූරියවැව යන්න වෙනම ගුවන් යානයක්

editorial - 2020 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(යොහාන් භාසුර, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (26 වැනිදා) පැවැති එක්දින තරගය නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ඇතුඵ 40 දෙනකු විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන්තොටුපළෙන් පැමිණ තිබේ.

එම පුද්ගලයන් 40 න් වැඩි පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ සේවකයන් බව දැනගන්නට තිබේ. එයට කාන්තාවන් වැඩි සංඛ්‍යාවක් ඇතුළත් වූ බව ද වාර්තා වේ.

මෙම පිරිස රත්මලාන ගුවන්තොටුපළෙන් විශේෂ ගුවන්යානයකින් ඊයේ පෙරවරුවේ ගුවන්ගත වී මත්තලට පැමිණ ඇති අතර තරගය අවසන් වීමෙන් පසුව නැවත එම ගුවන්යානයෙන්ම රාත්‍රී මත්තල සිට රත්මලානට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මෙම විශේෂ සංචාරය සඳහා එක් පුද්ගලයකු වෙනුවෙන් රුපියල් 5500 ක මුදල් ලෙස  රුපියල් ලක්‍ෂ දෙකකට අධික මුදලක් වැයකර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සමඟ සාකච්ඡා කර මෙම පිරිස ගුවන් යානයකින් පැමිණි බවයි.

“අපේ සේවකයෝ විතරක් නෙමෙයි අනුග්‍රහකයන් ද මේ ගුවන්යානයෙන් ආවා. සංචාරක කර්මාන්ත වෙනුවෙන් සාකච්ඡා කරලයි මෙය සංවිධානය කළේ” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (1)

සූරියවැව යන්න වෙනම ගුවන් යානයක්
  • wajira Sunday, 01 March 2020 11:28 PM

    අලුත් අත්දැකීම බොහොම හොඳයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.