Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුසල් - සචිනි ජාතික අධිවේගී චෙස් ශූරතා දිනති

සුසල් - සචිනි ජාතික අධිවේගී චෙස් ශූරතා දිනති

editorial - 2020 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කළ ජාතික අධිවේගී (රැපිඩ්) චෙස් තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා දිනාගැනීමට කොළඹ නාලන්දා විදුහලේ සුසල් ද සිල්වා සහ එන්.එෆ්.3 ක්‍රීඩා සමාජයේ සචිනි රණසිංහ සමත් වූහ. මෙම තරගාවලිය මහරගම සතාරා ශාලාවේදී පැවැත්විණ.

තවමත් 14 වැනි වියේ පසුවන සුසල්, තරගාවලියේ පිරිමි රන් පදක්කම සහ රුපියල් 20,000 ක මුදල් ත්‍යාගය දිනාගත්තේ සහභාගි වූ තරග 9 දී ලකුණු 8 1/2 ක්ම ලබා තරගාවලිය පුරා සිය අපරාජිත වාර්තාවද රැකගනිමිනි.

තමා සහභාගි වූ තරග 7 දී ලකුණු 6 1/2 ක් ලබාගනිමින් අපරාජිත ලෙස සචිනි තරගාවලියේ ශූරිය බවට පත් වූවාය. ඒ වෙනුවෙන් ඇයට කාන්තා රන් පදක්මක් සහ රුපියල් 15,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමිණ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 270 කගේ සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලිය ස්විස් අකෘතියට අනුව පැවැත්වුණි. එහිදී ක්‍රීඩකයන් තරග 9 කට බැගින්ද, ක්‍රීඩිකාවන් තරග 7 කට බැගින්ද සහභාගී වූහ.

කොළඹ ආනන්ද විදුහලේ රනිඳු දිල්ෂාන් සහ නාවික හමුදාවේ චන්දන විජේකෝන් ලකුණු 8 බැගින් සම ලකුණු ලබාගත්තද, සම ස්ථාන වෙන්කිරීම සඳහා චෙස් ක්‍රීඩාවේ පවතින නීති රීති වලට අනුව රනිඳුට රිදී පදක්කමද, චන්දනට ලෝකඩ පදක්කමද හිමිවිය.

කොළඹ මියුසියස් විදුහලේ සනිදුලා දහම්දි සහ කොළඹ විශාකා විදුහලේ නෙවන්ජි හේවාවසම්ද ලකුණු 6 බැගින් සම ලකුණු ලබාගත් අතර එහිදීද සම ස්ථාන වෙන්කිරීමේ නීති රීති වලට අනුව සනිදුලාට රිදී පදක්කමද, නෙවන්ජිට ලෝකඩ පදක්කමද හිමිවිය.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස දකුණු ආසියානු චෙස් කවුන්සිලයේ ප්‍රධාන ලේකම් සහ ආසියානු චෙස් සම්මේලනයේ උප සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතා සහභාගි විය. ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ භාණ්ඩාගාරික ඉරෝෂ් ජයසිංහ මහතාද එම අවස්ථාවට එක්වීය.


-036


අදහස් (0)

සුසල් - සචිනි ජාතික අධිවේගී චෙස් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.