Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සමස්ත ආසියාවේ එකම කෙටි දුර ධාවන ඔලිම්පික් පදක්කමට හිමිකම් කියන ශ්‍රී ලංකා හිටපු කෙටි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය දක්‍ෂතා හඳුනාගැනීමේ නිලධාරිනියක් ලෙස පත්කර ඇයට කාර්යාලයක් සහ වාහනයක් සමඟ රියදුරෙක් ලබාදීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද (10) පැවැසීය.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට උපරිම ප්‍රයෝජනය ගැනීම ඇයට සියලුම පහසුකම් ලබාදීමේ අරමුණ බවට පත්ව තිබේ.
මෙම පත්කිරීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“සුසන්තිකා කියන්නෙත් ඩන්කන් වයිට් වගේ වටිනාකමක් ඇති පුද්ගලයෙක්. මම හිතන්නේ සුසන්තිකාගෙන් නිසි ප්‍රයෝජනය අරගෙන නෑ. ඇයට පහසුකම් දීලා රට පුරා දක්‍ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමේ කටයුතු බාර දෙනවා”
සුසන්තිකා ජයසිංහ මහත්මිය වසර කීපයක සිට ක්‍රීඩා අමාත්‍යංශයේ උපදේශිකාවක් ලෙස කටයුතු කරන්නීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.