Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුරේන් - නිලූ ශූරතා දිනති

සුරේන් - නිලූ ශූරතා දිනති

editorial - 2020 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රි ලංකා ගුවන් හමුදා ගෝල්ෆ් සංගමය විසින් 7 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ගුවන් හමුදාපති අභියෝග විවෘත ගොල්ෆ් තරගාවලියේ පිරිමි ශුරතාව දිනාගැනීමට සුරේන් ප්‍රේමතිලක (ලකුණු 40) ද, කාන්තා ශුරතාව දිනාගැනීමට නිලූ ජයතිලක (ලකුණු 36) ද සමත් වූහ.

ත්‍රිකුණාමලය චිනවරාය ගුවන් හමුදා ඊගල්ෆ් ගෝල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියට දෙස් විදෙස් ක්‍රිඩක ක්‍රීඩිකාවෝ 100 දෙනෙක් පමණ සහභාගි වූහ.

ලකුණු 28 ක් ලබාගත් සාහෝ ලියෑන් පිරිමි කාණ්ඩයේ අනු ශූරතාව මෙන්ම පිරිමි කාණ්ඩයේ දීර්ඝතම පහර සඳහාද කුසලාන දිනාගත් අතර පිරිමි කාණ්ඩයේ ආසන්නතම පහර සදහා පිරිනැමෙන කුසලාන රොහාන් ද සිල්වාට හිමිවිය.

ලකුණු 31 ක් ලබාගත් රොෂිනී සංගානි කාන්තා කාණ්ඩයේ අනු ශූරතාවට හිමිකම් කී අතර එම කාණ්ඩයේ දීර්ඝතම පහර සදහා පිරිනැමෙන කුසලාන තමන් සතුකර ගැනීමට ප්‍රවීනා දුනුවිල සමත් වුවාය.  

තරගාවලියේ ජය සංඛේත ප්‍රදානය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාවට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ප්‍රභාවි ඩයස්, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ, ගුවන් හමුදා ගෝල්ෆ් සංගමයේ සභාපති එයාර් කොමදෝරු ප්‍රසන්න රණසිංහ ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.  


-036

 


අදහස් (0)

සුරේන් - නිලූ ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.