Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුරංග - සඳුනි මූලික වටයෙන්ම ඉවතට

සුරංග - සඳුනි මූලික වටයෙන්ම ඉවතට

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිවුවැනි දිනය වන අද (8 වැනිදා) පැවැති වෙඩි තැබීමේ ඉසව්වේ මීටර් 10 වායු පිස්තෝල පිරිමි සහ කාන්තා මූලික වටයේ තරගවලට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සුරංග ප්‍රනාන්දු සහ සඳුනි පෙරේරා එම තරගවල අවසන් වටයට සුදුසුකම් ලබාගැනීටම අපොහොසත් වූහ.

ලකුණු 563 ක් ලබාගත් සුරංග, මීටර් 10 වායු පිස්තෝල (පිරිමි) තරගයේ 9 වැනි ස්ථානයට පත්වූ අතර ලකුණු 404 ක් ලබාගත් සඳුනි, මීටර් 10 වායු පිස්තෝල (කාන්තා) තරගයේ 15 වැනි ස්ථානයට පත්වූවාය.

එම ඉසව්වල අවසන් මහ තරග සඳහා සුදුසුකම් ලබාගත හැක්කේ මූලික වටයේ තරගවලදී ඉහළම ලකුණු ලබාගන්නා ක්‍රීඩකයන් 8 දෙනාට සහ ක්‍රීඩිකාවන් 8 ට පමණක් බැවින් සුරංගට සහ සඳුනිට එම අවස්ථාව මඟහැරී ගියහ.


- 036

 


අදහස් (0)

සුරංග - සඳුනි මූලික වටයෙන්ම ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.