Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුරංග - උපුල් මූලික වටයෙන්ම ඉවතට

සුරංග - උපුල් මූලික වටයෙන්ම ඉවතට

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ වෙඩි තැබීමේ ඉසව්වේ මීටර් 10 පිස්තෝල (පිරිමි) මූලික තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සුරංග ප්‍රනාන්දු සහ උපුල් විජේරත්න එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීටම අපොහොසත් වූහ.

තරගාවලියේ හත්වැනි දිනය වන අද (11 වැනිදා) පැවැති මූලික වටයේදී ලකුණු 509 ක් ලබාගත් සුරංග 16 වැනි ස්ථානයට පත්වූ අතර ලකුණු 508 ක් ලබාගත් උපුල් 18 වැනි ස්ථානයට පත්විය.

එම ඉසව්වේ අවසන් මහ තරග සඳහා සුදුසුකම් ලබාගත හැක්කේ මූලික වටයේදී ඉහළම ලකුණු ලබාගන්නා ක්‍රීඩකයන් 8 දෙනාට පමණක් බැවින් සුරංගට සහ උපුල්ට එම අවස්ථාව මඟහැරී ගියහ.


- 036

 


අදහස් (0)

සුරංග - උපුල් මූලික වටයෙන්ම ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.