Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුපර් ලීග් චෙස් තරගාවලිය 26දා සිට

සුපර් ලීග් චෙස් තරගාවලිය 26දා සිට

editorial - 2021 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත )

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ සුපර් ලීග් කණ්ඩායම් චෙස් තරගාවලිය ඊට  (26 වැනිදා) සිට මාර්තු 2 දක්වා නුගේගොඩ සන්හිද ශාලාවේදී පැවැත්වේ. කොරෝනා ව්‍යසනයෙන් වසරකට ආසන්න කාලයකින් පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු කණ්ඩායම් චෙස් තරගාවලිය මෙයවේ.

තරගාවලිය සම්පූර්ණයෙන්ම සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට සියළුම කටයුතු සම්පාදනය කර ඇති බව ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ,ජාත්‍යන්තර චෙස් ක්‍රීඩා විනිසුරු ලක්ෂ්මන් විජේසූරිය මහතා පැවසීය.

තරගාවලියට සහභාගීවන කණ්ඩායම් සංඛ්‍යාව 10 කි. ලීග් පදනම මත පැවැත්වෙන තරගාවලියේ එක් එක් කණ්ඩායම් ලබා ගන්නා ලකුණු අනු පිලිවෙල අනුව ජයග්‍රාහක කණ්ඩායම් තෝරාගනු ලබනු ඇත.

ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට මුදලින් රුපියල් 50,000ක්ද අනු ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට මුදලින් රුපියල් 30,000ක්ද පිරිනැමේ. තෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායමට මුදලින් රුපියල් 20,000 කි.

 දක්ෂතම ක්‍රීඩකයාට රුපියල් 2500 බැගින් ක්‍රීඩකයින් අටදෙනෙකුට රුපියල් 20000 ක් පිරිනැමේ. ජයග්‍රාහක කණ්ඩායම් වෙනුවෙන් පිරිනමනු ලබන සම්පූර්ණ ත්‍යාග මුදල රුපියල් 120000කි.


අදහස් (0)

සුපර් ලීග් චෙස් තරගාවලිය 26දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.