Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුපර් නයිට් චෙස් තරග 23 දා

සුපර් නයිට් චෙස් තරග 23 දා

editorial - 2019 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොට්ටාව සුපර් නයිට් චෙස් ඇකඩමිය වාර්ෂිකව සංවිධානය කරන සුපර් නයිට් 2019 චෙස් ශූරතා තරගාවලිය 2019 ජුනි මස 23 ඉරිදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. වයස් කාණ්ඩ 5ක් යටතේ එනම් වයස අවුරුදු 7 න් පහළ, 9න් පහළ, 11න් පහළ, 13 පහළ සහ 15න් පහළ බාලක සහ බාලිකා ලෙස තරග පැවැත්වේ.

සෑම වයස් කාණ්ඩයකම ජයග්‍රාහකයින් සඳහා කුසලාන සමග, රන්, රිදී, ලෝකඩ පදක්කම් සහ වටිනා සහතික පත් පිරිනැමීමට සූදානම් කර ඇත. කුසලාන සහ සහතිකපත් පිරිනැමීම එදින සවස 6. 30 සිට පැවැත්වේ.
තරගකරුගේ නම, උපන් දිනය, පාසල සහ බාලක හෝ බාලිකා යන්න සඳහන් කර අංක 0777-368882 ට කෙටි පණිවිඩයක් එවීමෙන් තරග සඳහා ලියාපදිංචි විය හැකිය.

ආරක්ෂක හේතූන් මත අත්‍යාවශ්‍යම ගමන්මලු සහ උපකරණ පමණක් රැගෙන එන ලෙසත් අනන්‍යතාවය පරීක්ෂා කිරීමට ආරක්ෂක අංශ වලට සහාය ලබාදෙන ලෙසත් සංවිධායක මණ්ඩලය ඉල්ලීමක් කරයි. වැඩි විස්තර දුරකතන අංක 0777 368882 ඔස්සේ සඳහා යසිරු මිහිරංග මහතා ඇමතීමෙන් ලබාගත හැකිය.

 


අදහස් (0)

සුපර් නයිට් චෙස් තරග 23 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.