Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුපිරි 8 වටයෙන් ශ්‍රී ලංකාව ඉවතට

සුපිරි 8 වටයෙන් ශ්‍රී ලංකාව ඉවතට

රොෂාන් ගුණරත්න - 2017 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තායිලන්ත කණ්ඩායම හමුවේ තරග වට 3-1 ක් ලෙස පරාජය වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු වයස 23 න් පහළ බාලක වොලිබෝල් ශූරතාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට තිබූ අවස්ථාව මඟහැරී ගියේය.


තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට තායිලන්තය සමග බදාදා (3 වැනිදා) පැවති මෙම තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතුව තිබුණද, එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තායිලන්තය හමුවේ ජයගත හැකි වූයේ එක් තරග වටයක් පමණි.


පළමු වටය ලකුණු 25-23 ක් ලෙස ජය ගනිමින් තරගයට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූවද, ලකුණු 21-25 ක්, 19-25 ක් සහ 18-25 ක් ලෙස පිට පිටම ඉතිරි වට තුන ජයගැනීමට සමත් වූ තායිලන්ත ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතු කරගත්හ.


මෙම පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ 9 වැනි ස්ථානයත් 11 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමට සිදුවූ අතර එහිදී ශ්‍රී ලංකාව සමගින් චීනය, ඕස්ටේ්‍රලියාව සහ උස්බෙකිස්තානය තරග වැදීමට නියමිතය.

 

-036

 


අදහස් (0)

සුපිරි 8 වටයෙන් ශ්‍රී ලංකාව ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.