Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සීමිත ඕවර නායකත්වය බවුමාට

සීමිත ඕවර නායකත්වය බවුමාට

editorial - 2021 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ජාතික කණ්ඩායමේ නායකත්වයට කළු ජාතිකයකු පත්කර තිබේ. දකුණු අප්‍රිකානු සීමිත ඕවර කණ්ඩායම්හි නායකත්වය සඳහා ටෙම්බා බවුමා පත්කර ඇති අතර ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ඩීන් එල්ගා පත්කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ටෙස්ට් කණ්ඩායමේ උපනායක ලෙසද ටෙම්බා බවුමා පත්කර ඇත.

ඒ අනුව මේ වසරේ පැවැත්විමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය, 2022 දී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සහ 2023 දී පැවැත්විමට නියමිත ඕවර 50 ලෝක කුසලාන තරගාවලියන්හිදී ටෙම්බා බවුමා විසින් දකුණු අප්‍රිකානු සීමිත ඕවර කණ්ඩායම් සඳහා නායකත්වය දෙනු ඇත.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ මීළඟ කාර්තුව දක්වා  දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඩීන් එල්ගාට පැවරෙනු ඇත.

“ටෙම්බා සහ ඩීන් පත් කිරීම ගැන අපි සතුටු වෙනවා. ප්‍රෝටියානුවන් නැවත ඔවුන්ගේ ජයග්‍රාහී මාවත්වලට ගෙන යන ක්‍රීඩකයින් අප සතුව ඇති බව විශ්වාස කරනවා” යැයි නව නායකයන් දෙදෙනා ප්‍රකාශයට පත්කරමින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්ෂක ග්‍රේම් ස්මිත් මහතා පැවසීය.

”ටෙම්බා මෑත කාලයේ දී කණ්ඩායමේ ප්‍රබල මෙන්ම ක්‍රියාකාරී දායකත්වයක් දැක්වූ ක්‍රීඩකයකු වූ අතර නායකයා ලෙස ඔහුගේ ස්ථානය ශක්තිමත් කරමින් සෑම ආකාරයකින්ම පිටියේ ස්ථාවරත්වයක් පෙන්නුම් කර ඇත. ඔහු වටා සිටින ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ විශ්වාසය ඔහු විසින් දිනාගනු ලැබ තිබේ.


- 2079

 


අදහස් (0)

සීමිත ඕවර නායකත්වය බවුමාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.