Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සීමිත ඕවර තරගාවලිය හෙට සිට

සීමිත ඕවර තරගාවලිය හෙට සිට

රොෂාන් ගුණරත්න - 2019 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සීමිත ඕවර ආරාධිත ක්‍රිකට් තරගාවලිය මේ මස 14 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය. අවසන් වරට පැවැති අන්තර් සමාජ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට එස්.එස්.සී පිල සමත්වූ අතර එහි අනුශූරතාව සී.සී.සී. පිලට හිමිවිය.

සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වෙන අතර ඒ සඳහා ක්‍රීඩා සමාජ 25 ක් තරග වැදීමට සුදානමින් සිටිති.

ඒ ඒ කාණ්ඩයන්හි මූලික වටයේ තරග වලින් ඉහළම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් 2 බැගින් කණ්ඩායම් 8 ක් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

මූලික වටයේ තරග 14 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරග 28 වැනිදා පැවැත්වේ. අවසන් පූර්ව තරග 29 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහ තරගය 31 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.


‘ඒ’ කාණ්ඩය -
එස්.එස්.සී, යුදහමුදාව, බී.ආර්.සී, මීගමුව, බදුරලිය, ලන්කන්

‘බී’ කාණ්ඩය -
සී.සී.සී, එන්.සී.සී, හලාවත් මේරියන්ස්, ගාල්ල, පොලිසිය, වරාය අධිකාරීය, මහනුවර රේගුව

‘සී’ කාණ්ඩය -
සැරසන්ස්, පානදුර, කෝල්ට්ස්, නාවික හමුදාව, කුරුණෑගල යොවුන්, බ්ලූම්ෆීල්ඞ්

‘ඩී’ කාණ්ඩය -
මූවර්ස්, රාගම, ද්‍රවිඩ සංගමය, ගුවන් හමුදාව, කළුතර නාගරික, නුගේගොඩ


අදහස් (0)

සීමිත ඕවර තරගාවලිය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.