Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී.සී.සී පිලට කඩුලු 8 ක ජයක්

සී.සී.සී පිලට කඩුලු 8 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2021 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (4 වැනිදා) පැවැති තරගයකදී ගාල්ල ක්‍රීඩා සමාජය කඩුලු 8 කින් පරාජය කිරීමට සී.සී.සී පිල සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් ගාල්ල පිල ලකුණු 75 කට සීමාකළ සී.සී.සී පිල ජයග්‍රාහි ඉලක්කය ඕවර 7.1 කදී කඩුලු 2 ක් පමණක් දැවී පහසුවෙන් ජයගැනීමට සමත්විය.

තවත් තරග 7 ක් අද පැවැති අතර එහිදී එස්.එස්.සී, කුරුණෑගල යොවුන්, රාගම, ද්‍රවිඩ සංගමය, නුගේගොඩ, එන්.සී.සී සහ කෝල්ට්ස් යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය.

ක්‍රිෂාන් සංජුල (එස්.එස්.සී), ධනුෂ්ක ධර්මසිරි (කුරුණෑගල යොවුන්), සධීර සමරවික්‍රම (ද්‍රවිඩ සංගමය) සහ මුදිත ලක්ෂාන් (නුගේගොඩ) අර්ධ ශතක ලබාගනිමින් අද දිනයේදී පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.

නිපුන් කාරියවසම් (කළුතර නාගරික), නිම්සර අතරගල්ල (කුරුණෑගල යොවුන්) සහ ප්‍රමුද් හෙට්ටිවත්ත (නුගේගොඩ) කඩුලු 4 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

ගාල්ල -  ඕවර 16.1 කදී සියලුදෙනා දැවී 75

(එරංග රත්නායක 17, ළහිරු ගමගේ 06/2, ළහිරු මදුශංක 07/2, මාලින්ද පුෂ්පකුමාර 12/2, අෂාන් ප්‍රියංජන් 25/2)
සී.සී.සී - ඕවර 7.1 කදී කඩුලු 2 ක් දැවී 79
(රොන් චන්ද්‍රගුප්ත 24, මිනෝද් භානුක නොදැවී 29)


එස්.එස්.සී පිලට ලකුණු 27 ක ජයක්
එස්.එස්.සී සහ කළුතර නාගරික කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 148
(ක්‍රිෂාන් සංජුල 52, නිපුන් කාරියවසම් 31/4, ඉන්සක සිරිවර්ධන 14/2)
කළුතර නාගරික - ඕවර 19.2 කදී සියලුදෙනා දැවී 121
(ගිහාන් රූපසිංහ 36, දෙනුවන් රාජකරුණා 22, නිලංක සඳකැන් 30, ජෙෆ්රි වැන්ඩසේ 25/3, හිමේෂ් රාමනායක 21/2, ප්‍රභාත් ජයසූරිය 26/2)

 

කුරුණෑගල යොවුන් පිලට ලකුණු 16 ක ජයක්
හලාවත මේරියන්ස් සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
කුරුණෑගල යොවුන් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 151
(ගයාන් මනීෂාන් 42, ධනුෂ්ක ධර්මසිරි 53, පුලින තරංග 22/2, සඳුන් මෙන්ඩිස් 30/2)
හලාවත මේරියන්ස් - ඕවර 19.2 කදී සියලුදෙනා දැවී 135
(ලසිත් කෲස්පුල්ලේ 35, කසුන් විදුර 36, නිම්සර අතරගල්ල 26/4, ළහිරු ජයරත්න 24/2)


රාගම පිලට කඩුලු 4 ක ජයක්
රාගම සහ නාවික හමුදාව කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
නාවික හමුදාව - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 87
(චානක රුවන්සිරි 24, ඉෂාන් ජයරත්න 20/3, ජනිත් ලියනගේ 08/2, බිනුර ප්‍රනාන්දු 11/2)
රාගම - ඕවර 17.4 කදී කඩුලු 6 ක් දැවී 88
(නිශාන් මදුෂ්ක 27, ඩිලන්ක අවර්ඩ් 17/2)


ද්‍රවිඩ සංගම් පිලට කඩුලු 6 ක ජයක්
යුදහමුදාව සහ ද්‍රවිඩ සංගමය කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
යුදහමුදාව - ඕවර 19.3 කදී සියලුදෙනා දැවී 104
(අසේල ගුණරත්න 34, ශිරාන් ප්‍රනාන්දු 17/3, රවිඳු ප්‍රනාන්දු 11/2, ඉසුරු උදාන 16/2)
ද්‍රවිඩ සංගමය - ඕවර 17.5 කදී කඩුලු 4 ක් දැවී 108
(සධීර සමරවික්‍රම 52, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 29, මහේෂ් තීක්‍ෂණ 13/2)


නුගේගොඩ පිලට ලකුණු 25 ක ජයක්
බදුරලිය සහ නුගේගොඩ කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
නුගේගොඩ - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 164
(ප්‍රමුද් හෙට්ටිවත්ත 43, මුදිත ලක්ෂාන් 73, මිතුර තෙනුර 25/3, අලංකාර අසංක 32/2)
බදුරලිය - ඕවර 18.2 කදී සියලුදෙනා දැවී 139
(සඳුන් වීරක්කොඩි 37, මිලින්ද සිරිවර්ධන 25, ප්‍රමුද් හෙට්ටිවත්ත 13/4, උමේෂ් කරුණාරත්න 27/2)


එන්.සී.සී පිලට ලකුණු 49 ක ජයක්
එන්.සී.සී සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 155
(ළහිරු උදාර 22, හසිත බෝයගොඩ 38, ඇන්ජලෝ පෙරේරා 22, කමිල් මිෂාර නොදැවී 29, දේශාන් ප්‍රනාන්දු 20/3)
බ්ලූම්ෆීල්ඩ් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 106
(හර්ෂ විතාන 25, නිපුන් හග්ගල්ල 23, මදුශාන් රවිචන්ද්‍රකුමාර් 22, චාමික ගුණසේකර 04/3, සහන් ආරච්චිගේ 22/2)


කෝල්ට්ස් පිලට කඩුලු 8 ක ජයක්
කෝල්ට්ස් සහ ඒස් කැපිටල් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
ඒස් කැපිටල් - ඕවර 19.5 කදී සියලුදෙනා දැවී 128
(යොහාන් ද සිල්වා 20, නිමන්ත පෙරේරා 23, ඉෂාන් රංගන 39, ධනංජය ලක්ෂාන් 17/3, සාරංග රාජගුරු 23/2)
කෝල්ට්ස් - ඕවර 15.5 කදී කඩුලු 2 ක් දැවී 129
(සංගීත් කුරේ නොදැවී 36, කිත්රුවන් විතානගේ 24, ප්‍රියමාල් පෙරේරා නොදැවී 62)

 


අදහස් (0)

සී.සී.සී පිලට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.