Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී.සී.සී. සභාපති ධූරයට ශම්මි නැවතත් පත්වෙයි

සී.සී.සී. සභාපති ධූරයට ශම්මි නැවතත් පත්වෙයි

editorial - 2020 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් වන කොළඹ ක්‍රිකට් සමාජයේ (සී.සී.සී.) සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා නැවතත් පත්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ද වන ශම්මි මහතා සී.සී.සී. සභාපතිවරයා ලෙස මේ වන විට වසර 10 ක් පමණ කටයුතු කර තිබේ.  

එම ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහ සභාව පසුගිය මස 31 වැනිදා පැවැති අතර එහි ලේකම්වරයා ලෙස නැවතත් තනේෂ් ඩයස් මහතා පත්විය.


සී.සී.සී. නව නිලධාරී මණ්ඩලය:
සභාපති - ශම්මි සිල්වා, උප සභාපති - රසල් කර්කොවන්, ලේකම් - තනේෂ් ඩයස්, භාණ්ඩාගාරික - කපිල රණසිංහ, උප ලේකම් - අෂාන් වෙළගෙදර සහ උප භාණ්ඩාගාරික - කිත්සිරි ද සිල්වා යන මහත්වරු

විශේෂ කාර්යන් බාර ලේකම්වරු: දයා රත්නායක, සුචිත්‍ර අළුවිහාරේ, ඩන්කන් දේවේන්ද්‍ර, හිරාන් දොරෙනෙගම සහ ධම්මික මංචනායක යන මහත්වරු
විධායක කමිටු සාමාජිකයෝ: අසේල රැකව, රත්වන් ද ලිවේරා, කාලිංග ඉන්ද්‍රතිස්ස, ශිරාන් ඇන්තනී සහ නලීන් අපෝන්සු යන මහත්වරු

- 048


අදහස් (1)

සී.සී.සී. සභාපති ධූරයට ශම්මි නැවතත් පත්වෙයි
  • විජේ Wednesday, 05 August 2020 05:51 AM

    ශ්‍රී ලංකා ක්‍රිකට් පව්, සීසීසී පවූ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.