Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ හයවැනි සතියට තරග 4 ක් අද (15 වැනිදා) අවසන්වූ අතර එහිදී පූර්ණ ජයග්‍රහණ අත්කර ගැනීමට සී.සී.සී සහ මේරියන්ස් කණ්ඩායම් සමත්විය. අනෙක් තරග 2 දී පළමු ඉනිමේ ජයග්‍රහණ හිමිකර ගැනීමට එස්.එස්.සී සහ කෝල්ට්ස් කණ්ඩායම් සමත්විය.
පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී යුදහමුදා පිලට එරෙහිව ඉනිම සහ ලකුණු 8 ක ජයක් හිමිකර ගැනීමට සි.සී.සී පිල සමත්වූ අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ලන්කන් පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 150 ක ජයක් හිමිකර ගැනීමට හලාවත මේරියන්ස් පිල සමත්විය.
‘ඒ’ ශ්‍රේණිය යටතේ තවත් තරග 2 ක් ඊයේ (14 වැනිදා) ආරම්භවූ අතර එම තරග 2 හෙට (16) අවසන් වීමට නියමිතව ඇත.
මෙම සති අන්තයේදී සී.සී.සී පිලේ කවිඳු නදීෂාන්, මේරියන්ස් පිලේ සුමිත් ඝාන්දිගඕන්කර්, කෝල්ට්ස් පිලේ සංතුෂ් ගුණතිලක, මූවර්ස් පිලේ පබසර වඩුගේ සහ සචිත්‍ර සේරසිංහ, එස්.එස්.සී පිලේ සම්මු අශාන්, එන්.සී.සී පිලේ ඇන්ජලෝ පෙරේරා, බදුරලිය පිලේ ළහිරු මිලන්ත, ද්‍රවිඩ සංගම් පිලේ ධනංජය ද සිල්වා ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
සී.සී.සී පිලේ ළහිරු ගමගේ ඉනිමකදී කඩුලු 7 ක් ද, සී.සී.සී පිලේ මාලින්ද පුෂ්පකුමාර, කෝල්ට්ස් පිලේ දිල්ෂාන් මදුශංක සහ ද්‍රවිඩ සංගම් පිලේ ධනංජය ද සිල්වා ඉනිමකදී කඩුලු 6 බැගින්ද මේරියන්ස් පිලේ සාගර් උදේෂී ඉනිම දෙකේදීම කඩුලු 6 බැගින්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. යුදහමුදා පිලේ දුෂාන් විමුක්ති සහ බදුරලිය පිලේ තිලකරත්න සම්පත් කඩුලු 5 බැගින්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
සී.සී.සී පිලට ඉනිමක ජයක්
යුදහමුදාව සහ සී.සී.සී කණ්ඩායම් අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
යුදහමුදා පළමු ඉනිම - සියලුදෙනා දැවී 233
(අෂාන් රන්දික 27, ලක්ෂාන් එදිරිසිංහ 69, දුෂාන් විමුක්ති 33, අසේල ගුණරත්න 37, ගිහාන් කෝරලගේ 29, මාලින්ද පුෂ්පකුමාර 85/6, අෂාන් ප්‍රියංජන් 43/3)
සී.සී.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී 410
(සොනාල් දිනූෂ 23, අෂාන් ප්‍රියංජන් 50, කවිඳු නදීෂාන් 122, ළහිරු මදුශංක 53, මනෙල්ක ද සිල්වා 33, මාලින්ද පුෂ්පකුමාර නොදැවී 39, දුෂාන් විමුක්ති 123/5, යශෝධ මෙන්ඩිස් 57/2)
යුදහමුදා දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 169
(අසේල ගුණරත්න 70, දුෂාන් විමුක්ති 25, යශෝධ මෙන්ඩිස් 21, ළහිරු ගමගේ 47/7, ළහිරු මදුශංක 30/2)
මේරියන්ස් පිලට ඉනිමක ජයක්
ලන්කන් සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
ලන්කන් පළමු ඉනිම - සියලුදෙනා දැවී 126
(කසුන් අබේරත්න 43, සාගර් උදේෂී 58/6, අසිත ප්‍රනාන්දු 35/2)
මේරියන්ස් පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 432
(ලසිත් කෲස්පුල්ලේ 26, ඕෂධ ප්‍රනාන්දු 84, සුමිත් ඝාන්දිගඕන්කර් 149, කමිඳු මෙන්ඩිස් 88, චතුරංග කුමාර නොදැවී 21, නදීර බාලසූරිය 69/3, චානක රුවන්සිරි 96/3)
ලන්කන් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 156
(ප්‍රිමෝෂ් පෙරේරා 51, ගීත් කුමාර 28, සාගර් උදේෂී 42/6, නිමේෂ් විමුක්ති 28/2)
කෝල්ට්ස් පිලට පළමු ඉනිමේ ජයක්
කෝල්ට්ස් සහ මීගමුව කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
මීගමුව පළමු ඉනිම - සියලුදෙනා දැවී 294
(පසිඳු ලක්ෂංක 22, මාධව වර්ණපුර 73, රොස්කෝ තටිල් 26, ලක්ෂිත රසාංජන 65, උපුල් ඉන්ද්‍රසිරි 29, නිසල තාරක 56/3, දිල්ෂාන් මදුශංක 30/2, අකිල ධනංජය 87/2)
කෝල්ට්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 399
(සංගීත් කුරේ 40, සංතුෂ් ගුණතිලක 130, විශාද් රන්දික 68, ප්‍රියමාල් පෙරේරා 42, නිසල තාරක 29, අකිල ධනංජය 26, නලින් ප්‍රියදර්ෂන 23, ඩිල්ෂාන් මුණවීර 48/3, රොෂේන් ප්‍රනාන්දු 67/2, සහන් අදීෂ 82/2)
මීගමුව දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 238
(පසිඳු ලක්ෂන්ක 69, සාද් නසීම් 79, මාධව වර්ණපුර 42, දිල්ෂාන් මදුශංක 33/6)
කෝල්ට්ස් දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 81
(සංතුෂ් ගුණතිලක 37, රොෂේන් ප්‍රනාන්දු 11/2, උපුල් ඉන්ද්‍රසිරි 16/2, සාද් නසීම් 30/2)
එස්.එස්.සී පිලට පළමු ඉනිමේ ජයක්
මූවර්ස් සහ එස්.එස්.සී කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී 284
(සඳුන් වීරක්කොඩි 53, නුවනිදු ප්‍රනාන්දු 43, චරිත් අසලංක 60, සම්මු අශාන් 24, ආකාශ් සේනාරත්න 37, තරිඳු රත්නායක 24, ප්‍රවීන් ජයවික්‍රම 47/3, අයන සිරිවර්ධන 51/3, කවිෂ්ක අංජුල 56/2, සචිත්‍ර සේරසිංහ 57/2)
මූවර්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 231
(දිනුක දිල්ෂාන් 36, පබසර වඩුගේ 132, අදීෂ තිලංචන 29, ආකාෂ් සේනාරත්න 15/4, ජෙෆ්රි වැන්ඩසේ 76/3, හිමේෂ් රාමනායක 21/2)
එස්.එස්.සී දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 335
(චරිත් අසලංක 77, සම්මු අෂාන් 144, ක්‍රිෂාන් සංජුල නොදැවී 71, ප්‍රවීන් ජයවික්‍රම 89/4, සචිත්‍ර සේරසිංහ 60/2)
මූවර්ස් දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 333
(දිනුක දිල්ෂාන් 31, පබසර වඩුගේ 96, සචිත්‍ර සේරසිංහ 104, කවිෂ්ක අංජුල නොදැවී 33, තරිඳු රත්නායක 83/3, ජෙෆ්රි වැන්ඩසේ 80/2)
සැරසන්ස් පිල ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක
එන්.සී.සී සහ සැරසන්ස් කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී 421
(ළහිරු උදාර 70, මහේල උඩවත්ත 54, ඇන්ජලෝ පෙරේරා 148, සහන් ආරච්චිගේ 77, සාලිය සමන් 81/4, සචින්ත පිරීස් 135/2)
සැරසන්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 150
(සිතාර ගිම්හාන් 22, අෂේන් බණ්ඩාර 45, සචින්ත පිරීස් 27, චතුරංග ද සිල්වා 51/4, දිලේෂ් ගුණරත්න 21/2, ළහිරු කුමාර 26/2)
සැරසන්ස් දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 84
(අෂේන් බණ්ඩාර නොදැවී 32, ලසිත් ඇඹුල්දෙණිය 30/3)
ළහිරු මිලන්තගෙන් ශතකයක්
ද්‍රවිඩ සංගමය සහ බදුරලිය කණ්ඩායම් අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
බදුරලිය පළමු ඉනිම - සියලුදෙනා දැවී 286
(යශෝධ ලංකා 50, ළහිරු මිලන්ත නොදැවී 155, ධනංජය ද සිල්වා 74/6, ඉසුරු උදාන 19/2,)
ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - සියලුදෙනා දැවී 282
(ෆයිසන් ඛාන් 49, ධනංජය ද සිල්වා 110, ඉසුරු උදාන 26, සුරංග ලක්මාල් 48, තිලකරත්න සම්පත් 84/5, අලංකාර අසංක 27/3)
බදුරලිය දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 56
(සුරංග ලක්මාල් 23/3, ඉසුරු උදාන 23/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.