Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී. එච්. පිල 26-17 කින් ජයගනී

සී. එච්. පිල 26-17 කින් ජයගනී

editorial - 2020 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ පස්වැනි සතියේ සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල සහ ගුවන් හමුදා පිල අතර කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී ඊයේ  (22 වැනිදා) පැවැති තරගයෙන් සී. එච්. පිල ලකුණු 26-17 කින් ජය ලැබීය.

ජයග්‍රාහි සී. එච්. පිල ගෝල තුනකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු 26 රැස්කළේය. ගුවන් හමුදා පිලට ගෝලයකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු එකතු විය.

සී. එච්. ක්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-5 ක් ලෙස ඉදිරියෙන් පසුවිය.

ගුවන් හමුදා පිලේ ළහිරු උදයංග 16 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක විය.

සී. එච්. ක්‍රීඩකයෝ මිනිත්තු 29 ක නිහැඩියාවකින් පසුව මිනිත්තු පහක් තුළ ගෝලයක් සහ උත්සාහක දිනුම් දෙකක් සම්පූර්ණ කරමින් ලකුණු පුවරුව 12-5 ක් බවට පත්කිරීමට සමත් වූහ.

ප්‍රසාද් මධුසංඛ සහ කුෂාන් ඉඳුනිල් එම කාලය තුළ සී. එච්. පිලට උත්සාහක දිනුම බැගින් එකතු කළහ. හිරුණ සම්පත් ගෝල ප්‍රවර්ථනයක් පමණක් සාර්ථක කළේය.

චතුර ඩිල්ෂාන් දෙවැනි අර්ධයේ අටවැනි මිනිත්තුවේදී සී. එච් පිලට තුන්වැනි උත්සාහක දිනුම සටහන් කළ අතර එයට හිරුෂ සම්පත් අතිරේක ලකුණු එකතු කළේය. ඒ අනුව ලකුණු තත්ත්වය 19-5 ක් බවට පත්විය.  

කෞෂාල් මනුප්‍රිය දෙවැනි අර්ධයේ 22 වැනි මිනිත්තුවේදී ගුවන් හමුදාවට එකතු කළ උත්සාහක දිනුමෙන් ලකුණු පුවරුව 19-10 ක් බවට පත්විය.

දෙවැනි අර්ධයේ 27 වැනි මිනිත්තුවේදී විශ්ව කිරිල්ලේ රතු කාඩ්පත් අවවාද ලබා පිටියෙන් ඉවත් කිරීමෙන් සී. එච්. පිලට ඉතිරි මිනිත්තු 13 ක්‍රීඩකයන් 14 දෙනකුගෙන් ක්‍රීඩා කිරීමට සිදුවිය.

දෙපිලම තරගයේ අවසන් මිනිත්තු හය තුළ ගෝලය බැගින් සම්පූර්ණ කිරීමෙන් ලකුණු පුවරුව 26-17 ක් බවට පරිවර්ථනය විය.

එහිදී රයන් වීරකෝන් සී. එච්. පිලට ද, පත්මසංඛ වීරසිංහ, ගුවන් හමුදා පිලට ද, උත්සාහක දිනුම බැගින් එකතු කළහ. සී. එච්. නායක රෝහිත රාජපක්‍ෂ සහ ගුවන් හමුදා පිලේ ගයන්ත ඉද්දමල්ගොඩ ප්‍රවර්ථන සාර්ථක කළහ.

- 048


අදහස් (0)

සී. එච්. පිල 26-17 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.