Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී. ආර්. 33-10 කින් ජයගනී

සී. ආර්. 33-10 කින් ජයගනී

යොහාන් භාසුර - 2019 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන තරගාවලියේ සිව්වැනි සති අන්තයේදී සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ක්‍රීඩකයෝ ලකුණු 33-10 කින් යුද හමුදා පිල පරාජය කරමින් පහසු ජයක් ලැබීමට සමත් වූහ. මෙම තරගය පසුගිය සෙනසුරාදා (21) ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී පැවැත්විණි.

මෙය සී. ආර්. පිල පිට පිටම ලැබූ සිවුවැනි ජය මෙය වන අතර මේ අනුව සී. ආර්. පිල ද අපරාජිත වාර්තාව රැකගැනීමට සමත්ව සිටියි.

ජයග්‍රාහි සී. ආර්. ක්‍රීඩකයෝ ගෝල 3 කින් සහ දඩුවම් පහර 4 කින් ලකුණු රැස්කිරීමට සමත් වූහ. යුද හමුදා පිලට ගෝලයකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.

තරගය ආරම්භයේ සිට පළමු අර්ධය දක්වා දෙපිල කරට කර සටනක නිරතව සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-10 ක් ලෙස සී. ආර්. පිල ලකුණු දෙකකින් පමණක් ඉදිරියෙන් සිටියේය.

 ශ්‍රී ලංකා රග්බි පිටියේ ඉදිරියෙන්ම සිටින ප්‍රවර්ථකයකු වන සී. ආර්. පිලේ රීසා මුබාරක් 13 වැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. නායක මනෝජ් බණ්ඩාර සම්පූර්ණ කළ උත්සාහක දිනුමට ඉසුරු මීගහගෙදර අතිරේක ලකුණු එකතු කිරීමෙන් යුද හමුදා පිල ලකුණු 7-3 ක් ලෙස පෙරමුණට පැමිණියේය.

රීසා මුබාරක් තවත් දඩුවම් පහර තුනකින් සී. ආර්. පිලට ලකුණු 9 ක් එකතු කරද්දී ඉසුරු මීගහගෙදර, යුද හමුදා පිලට දඩුවම් පහරක් එකතු කළේය. ඒ අනුව ලකුණු පුවරුව 12-10 ක් බවට පත්විය.
දෙවැනි අර්ධයේදී සී. ආර්. පිල සිය ගෝල සීමාවට දැඩි ආරක්‍ෂාවක් යොදවමින් ගෝල තුනක් සම්පූර්ණ කරමින් පහසු ජයක් දක්වා පැමිණියේය.

ජනිඳු ඩිල්ෂාන්, සුපුන් වර්ණකුලසූරිය සහ රීසා රෆයිඩීන් දෙවැනි අර්ධයේදී සී. ආර්. පිලට උත්සාහක දිනුම බැගින් එකතු කළහ. රීසා මුබාරක් එම උත්සාහක දිනුම් තුනම ගෝල බවට ප්‍රවර්ථනය කිරීමෙන් සී. ආර්. ලකුණු සංඛ්‍යාව 33 ක් බවට පරිවර්ථනය විය.

 


අදහස් (0)

සී. ආර්. 33-10 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.