Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිවිල් ආරක්‍ෂකයෝ දඬුවම් පහරෙන් දිනති

සිවිල් ආරක්‍ෂකයෝ දඬුවම් පහරෙන් දිනති

editorial - 2019 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වැන්ටේජ් එෆ්. ඒ කුසලාන පාපන්දු තරගාවලියේදී ත්‍රිකුණාමලය ජමල්යා ක්‍රීඩා සමාජය පරදවා දඩුවම් පහර 5 - 4 ක ජයක් ලබා ගැනීමට සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජය ඊ්යේ (ඉරිදා) සමත් විය.

තරගයේ සම්පූර්ණ කාලය නිමාවේදී දෙපිලම ගෝල 3 - 3 ක් ලෙසින් ලබාගැනීම නිසා  දඩුවම් පහර මත තරගයේ ජයග්‍රාහකයා තීරණය කෙරිණි. මෙම තරගය පුත්තලම දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි.

තරගයේ නියමිත කාලයේදී සිවිල් ආරක්ෂක පිල වෙනුවෙන් ඒ.ආර් වික්‍රමසිංහ, චරිඳු සම්පත් සහ ඩී.එම් සේනුදුරන් ගෝල ලබාගත්හ. ත්‍රිකුණාමලය ජමල්යා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ටී.ෂෆීක්, එම්.එම් රිස්වාන් සහ කේ.එම් මුසාකීර් ගෝල ලබා ගත්හ.

දඬුවම් පහර ගැනීමේ අවස්ථාවේදී සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජය වෙනුවෙන් එම්.ඒ.එන් උදය මධුසංඛ, ඩී.ඩී වීරරත්න,  මධුෂාන් පෙරේරා, චරිඳු සම්පත් සහ  ඒ.ආර් වික්‍රමසිංහ දඬුවම් පහර සාර්ථක කර ගත්හ.

ත්‍රිකුණාමලය ජමල්යා ක්‍රීඩා සමාජය වෙනුවෙන් එම්.ඒ.එම් අෆ්රිඩීන්, එස් ඉනෝහාත්, ටී. සාෆ්ක් සහ එම්.ඒ.එම් අහිසාන් දඬුවම් පහර සාර්ථක කර ගත්හ.

 


අදහස් (0)

සිවිල් ආරක්‍ෂකයෝ දඬුවම් පහරෙන් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.