Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිලෝන් ලයන්ස් ක්‍රීඩා සමාජ ඩුබායි ක්‍රිකට් ශූරතාව දිනයි

සිලෝන් ලයන්ස් ක්‍රීඩා සමාජ ඩුබායි ක්‍රිකට් ශූරතාව දිනයි

editorial - 2020 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලංකාකිකයන් අතර තුන්වැනි වරටත් පැවැති ‘ශ්‍රී ලංකන් ක්‍රිකට් ලීග්’ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට අජ්මාල්ශා නසීම්ගේ නායකත්වයෙන් යුත් ‘සිලෝන් ලයන්ස්’ ක්‍රීඩා සමාජය සමත් විය. අනු ශූරතාව සිංහ ක්‍රීඩා සමාජයට හිමිවිය.

 ඩුබායිහිදී මාසයක පමණ කාලයක් පැවැති මෙම තරගාවලියේ අවසන් මහ තරගයේදී ‘සිලෝන් ලයන්ස්’ ක්‍රීඩා සමාජය ලකුණු 38 කින් සිංහ ක්‍රීඩා සමාජය පරාජය කළේය.  

‘සිලෝන් ලයන්ස්’ ක්‍රීඩකයෝ පළමු තරගයේදී ශ්‍රී ලන්කන් වොරියර්ස් ක්‍රීඩා සමාජය ලකුණු 104 කින් පරාජය කිරීමට සමත් වූහ. දෙවැනි තරගයේදී සිංහ ක්‍රීඩා සමාජය හමුවේ පරාජයට පත්වුවද අවසාන තරගයේ ශ්‍රී ලන්කන් ක්‍රීඩා සමාජය ලකුණු 11 පරදවමින් අවසන් මහ තරග වරම් හිමිකරගත්තේය.

තරගවලියේ වීරයා සහ දක්‍ෂතම පන්දු යවන්නා ලෙස මොහමඞ් සිහාන් (සිංහ ක්‍රීඩා සමාජය), දක්‍ෂතම පිතිකරු ලෙස -ධම්ම්ක ශ්‍රී රණවක (සිලෝන් ලයන්ස් ක්‍රීඩා සමාජය) සහ අවසන් තරගයේ වීරයා ලෙස -ඉසිත කෘස් (සිලෝන් ලයන්ස් ක්‍රීඩා සමාජය) සම්මාන ලැබූහ.

 


අදහස් (0)

සිලෝන් ලයන්ස් ක්‍රීඩා සමාජ ඩුබායි ක්‍රිකට් ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.