Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සියලුම නිලධාරීන් නිතරගයෙන්

සියලුම නිලධාරීන් නිතරගයෙන්

editorial - 2021 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ 2021-2023 පාලන කාලය සඳහා වන නිලධාරී මණ්ඩලයේ සියලුම තනතුරුවලට නිලධාරීන් නිතරගයෙන් පත්වීමට නියමිතව ඇතැයි ‘ලංකාදීප‘යට වාර්තා වේ. නිලවරණයට අදාල නාමයෝජනා භාර ගැනීම අද (6 වැනිදා) පෙරවරු 10.30 ට අවසන් විය. 

විශ්‍රාමලත් නියෝජ්‍ය නාගරික කොමසාරිස් ජී.ජී. වීරක්කොඩි මහතාගේ සභාපතිත්වයෙන් යුත් නිලවරණ කමිටුවේ අධීක්ෂණය යටතේ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී එම නාමයෝජනා අද පෙරවරු 11.00 ට විවෘත කරනු ලැබිණ.

සංගමයේ සභාපති ධූරය සදහා වැවිලි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ නාමයෝජනාව පමණක් ඉදිරිපත් වී තිබිණ. මින් පෙරද අවස්ථා දෙකකදී (2017 සහ 2019) සංගමයේ සභාපතිවරයා ලෙස ඔහු තේරී පත්වී තිබිණ. 

නාම යෝජනාවලට අනුව රීසා ලතීෆ්, ප්‍රභාත් නිමේෂ්, සමන් ශ්‍රී රත්නායක සහ එරන් සම්පත් යන මහත්වරුන් පිළිවෙලින් සංගමයේ ලේකම්, උප ලේකම්, භාණ්ඩාගාරික, සහ උප භාණ්ඩාගාරික යන තනතුරු සදහා පත්වීමට නියමිතය.

ව්‍යවස්ථාවට අනුව සංගමයේ නිලධාරී මණ්ඩලයට උප සභාපති ධූර 8 ක් ඇතුළත් වන අතර ඒ සඳහා සදිසි නිරාෂා, මාලික මධුෂානි, සංජීව පල්ලේගෙදර, එච්.එම්.ජී .හේරත්, නාමල් ගුණසේකර, ඕෂධී ගුණසේකර, බුද්ධික නියරපොල, සමීර විජේගුණවර්ධන සහ ලලිත් ලියනගේ යන මහත්ම මහත්මීහු නාම යෝජනා භාර දී සිටිති. 

මෙම නාම යෝජනා සදහා විරෝධතා යොමු කිරීමට මේ මස 10 වැනිදා පෙරවරු 10.30 දක්වා අවස්ථාව හිමිවේ. මේ මස 12 වැනිදා පෙරවරු 10.30 සිට විරෝධතා විභාග කෙරේ. 

නිලවරණ කමිටුවේ අධීක්ෂණය යටතේ මේ මස 29 වැනිදා පස්වරු 2.00 සිට ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී නිලවරණය පැවැත්වීමට නියමිතය. විශ්‍රාමලත් ගුවන් කොමදෝරු චන්දන ලියනගේ සහ විශ්‍රාමලත් ක්‍රීඩා අධ්‍යකෂ පාලිත ජයතිලක යන මහත්වරු නිලවරණ කමිටුවේ සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

පත්වීමට නියමිත නව නිලධාරී මණ්ඩලය
සභාපති - කනක හේරත් මහතා (කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු සංගමය)
ලේකම් - රීසා ලතීෆ් මහතා (බස්නාහිර පළාත් මේසපන්දු සංගමය)
භාණ්ඩාගාරික - සමන් ශ්‍රී රත්නායක මහතා (ෆියුචර් ස්පින් මේසපන්දු විද්‍යායතනය)
උප ලේකම් - ප්‍රභාත් නිමේෂ් මහතා (ප්ලේග්‍රවුන්ඩ් මේසපන්දු ලීගය)
උප භාණ්ඩාගාරික - එරන් සම්පත් මහතා (සබරගමු පළාත් මේසපන්දු සංගමය)
උප සභාපතිවරු - 
සදිසි නිරාෂා මෙනවිය (ත්‍රී ස්ටාර්ස් මේසපන්දු සංගමය), මාලිකා මධුෂානි මෙනවිය (නුගේගොඩ මේසපන්දු සංගමය), සංජීව පල්ලෙගෙදර මහතා (නුවරඑළිය දිස්ත්‍රික් මේසපන්දු සංගමය), එච්.එම්.ජී. හේරත් මහතා (පාසල් මේසපන්දු සංගමය), නාමල් ගුණසේකර මහත්මිය (කාන්තා ක්‍රියාකාරි කමිටුව), ඕෂධී ගුණසේකර  මහත්මිය (ටිබාර් මේසපන්දු සංගමය), බුද්ධික නියරපොල මහතා (රාජ්‍ය සේවා මේසපන්දු සංගමය), සමීර විජේගුණවර්ධන මහතා (කැලණිය විශ්ව විද්‍යාලය) සහ ලලිත් ලියනගේ (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය)

 


අදහස් (0)

සියලුම නිලධාරීන් නිතරගයෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.