Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සියලු පාසල් ක්‍රීඩා තරග අවලංගු කරයි

සියලු පාසල් ක්‍රීඩා තරග අවලංගු කරයි

යොහාන් භාසුර - 2020 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අධ්‍යාපන අමාත්‍යංශයේ විවිධ ශාඛා පාසල් සිසුන් සඳහා සංවිධානය කරන සමස්ත ලංකා මට්ටම දක්වා වන සියලුම ක්‍රීඩා තරග මෙම වසරේදී (2020) නොපවත්වන බවත් දැනට ආරම්භ කර ඇති සියලු තරග අවලංගු කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශය ලිඛිතව දැනුම් දී තිබේ.

‘අධ්‍යාපන අමාත්‍යංශයේ විවිධ ශාඛා මගින් සංවිධානය කොට සිසුන් සඳහා පවත්වනු ලබන තරග කොවිඩ් 19 වසංගත තත්ත්වයේ බලපෑම මත 2020 වර්ෂය තුළ පැවැත්වීම’ යන ශීර්ෂය යටතේ මෙම ලිපිය සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට, සියලුම පළාත් කළාප අධ්‍යක්‍ෂවරුන්ට සහ සියලුම විදුහල්පතිවරුන්ට යොමුකර තිබේ.

අධ්‍යාපන ලේකම් එන්.එච්. එම්. චිත්‍රානන්ද මහතාගේ අත්සනින් මෙම ලිපිය යොමු කර තිබේ.

මෙම දැනුම්දීමත් සමඟ අත්හිටුවූ වයස 19 න් පහළ ක්‍රිකට් සහ රග්බි තරගාවලි අත්හිටුවීමට සිදුවේ. තවද ලබන සැප්තැම්බර් මස ආරම්භ කිරීමට නියමිතය 2020-2021 වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට ද නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ.    
   

 


අදහස් (0)

සියලු පාසල් ක්‍රීඩා තරග අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.