Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිම්බාබ්වේ පිල පුහුණුකරු නැතිව පාකිස්තානයේ

සිම්බාබ්වේ පිල පුහුණුකරු නැතිව පාකිස්තානයේ

editorial - 2020 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලනික අර්බුද හේතුවෙන් පාකිස්තානු සංචාරය සඳහා සහභාගි නොවීමට සිම්බාබ්වේ කණ්ඩායමේ පුහුණුකරු ලාල්චන්ද් රාජ්පුත් මහතා තීරණය කර තිබේ. ඔහු ඉන්දීය ජාතිකයකු වන අතර ඉන්දීය ටෙස්ට් පිලේ හිටපු ක්‍රීඩකයෙකි. හරාරේ නුවර ඉන්දීය තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුව රාජ්පුත් මහතා සංචාරයෙන් ඉවත් වූ බව සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය පවසයි.

ඉන්දියානු රජය සිය පුරවැසියන් සඳහා නියම කර ඇති සංචාරක මාර්ගෝපදේශයන්ට අනුකූලව තමන් පාකිස්තානයට යාමෙන් නිදහස් කරන ලෙස තානාපති කාර්යාලය ඉල්ලා සිටි බව සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය පැවසීය.

ඉන්දීය රජය මැදිහත් වීමට පෙර පාකිස්තාන තානාපති කාර්යාලය රාජ්පුත්ට වීසා නිකුත් කර ඇතත් ඉන්දීය රජයෙන් කළ ඉල්ලීම නොසලකා හැරිය නොහැකි බව සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ සභාපත් තවෙන්ග්වා මුකුලානි මහතා පැවසීය.

“පුහුණුකරු නොමැතිව සංචාරය කිරීම පිළිබඳව අප නොසතුටට පත්වුණත්, අප කළ යුතුව ඇත්තේ ඉන්දියාව සහ පාකිස්තානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට සම්බන්ධ නොවී සිටීමයි.... අපි ඉන්දියාව සමඟ මිත්‍රයන් වන අතර අපි පාකිස්තානය සමඟද මිත්‍රයන් වෙනවා. රාජ්‍ය තාන්ත්‍රික කාරණා නිසා අපි ඒවා ඉන්දියානු රජයට භාර දුන්නා” යයිද සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය කියයි.

මෙම සංචාරය සඳහා සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පන්දු යැවීමේ පුහුණුකරු ඩග්ලස් හොන්ඩෝ මහතා කටයුතු කරනු ඇත.

පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර රාවල්පින්ඩිහිදී ඔක්තෝබර් 30, නොවැම්බර් 1 සහ 3 යන දිනවලදී එක්දින තරග 3 ක් පැවැත්වෙන අතර ලාහෝර්හිදී නොවැම්බර් 7, 8 සහ 10 දින වලදී විස්සයි20 තරග 3 ක් පැවැත්වීමට නියමිතව ඇත. කොරෝනා වයිරස් තත්වය හේතුවෙන් මෙම තරගාවලියට නැරඹීමට ප්‍රේක්‍ෂකයන්ට අවස්ථාවක් හිමි නොවේ.

සිම්බාබ්වේ සංචිතය සහ නිලධාරීන් අඟහරුවාදා (20) පාකිස්තානයට පැමිණි අතර එහිදී ඔවුන්ව කොරෝනා වයිරස් පරීක්ෂාවට ලක් කරන ලදී. දින හතක හුදකලා කාලයක් ගත කිරීමට සිදුවනු ඇති අතර එම කාලය තුළ රාවල්පින්ඩිහි හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඔවුන්ට පුහුණු සැසි පැවැත්වේ.

සිම්බාබ්වේ කණ්ඩායමක් වසර පහකට පසු පාකිස්තානයේ කළ පළමු සංචාරය මෙය වන්නේය. 2009 දී ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් ගත් බස් රථයට එල්ල වූ ප්‍රහාරයකින් පසු පාකිස්තානයේ සංචාරය කළ ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය හිමි පළමු රට වන්නේද සිම්බාබ්වේ කණ්ඩායමයි.

- 2079

 


අදහස් (0)

සිම්බාබ්වේ පිල පුහුණුකරු නැතිව පාකිස්තානයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.