Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිම්බාබ්වේ දින 2 න් දිනයි

සිම්බාබ්වේ දින 2 න් දිනයි

editorial - 2021 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නායක ෂෝන් විලියම්සන්ගේ ශතකයත් (105), පන්දු යවන්නන්ගේ දක්ෂතාවයත් හේතුවෙන් ඇෆ්ඝනිස්තානයට එරෙහිව එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 10 කින් ජයගැනීමට සිම්බාබ්වේ ක්‍රීඩකයෝ අද (3 වැනිදා) සමත්වුහ. ඒ අනුව තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද සිම්බාබ්වේ කණ්ඩායමට හැකිවිය.

දින දෙකකින් අවසන්වූ ලෝකයේ කෙටිම ටෙස්ට් තරග ලයිස්තුවට මෙම තරගයද එක්වූයේ ඊයේ (2 වැනිදා) ආරම්භවූ තරගය අද දින අවසන් වීමෙනි. මේ වසර ආරම්භවී මාස දෙකක කාළයක් තුල දින දෙකකදී අවසන්වූ දෙවැනි ටෙස්ට් තරගයට බවට පත්විය. පසුගියදා එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැති තෙවැනි ටෙස්ට් තරගයද දින දෙකක් තුලදී අවසන් විය.

ඇෆ්ඝනිස්තාන පළමු ඉනිම ලකුණු 131 කට සීමා කළ සිම්බාබ්වේ පන්දු යවන්නෝ ඔවුන්ගේ දෙවැනි ඉනිමද ලකුණු 135 ක් තුල අවසන් කිරීමට සමත්වූහ. ඉනිම දෙක තුලදී එක් අර්ධ ශතකයක් පමණක් වාර්තා වූ අතර පළමු ඉනිමේදී ලකුණු 31 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 76 ක් ලබාගත් ඊබ්‍රාහිම් සඩ්‍රාන් ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්විය.

ඇෆ්ඝනිස්තාන පිතිකරුවන් මෙල්ල කළ බ්ලෙසිංග් මුසරබානි සහ වික්ටර් යවුචි කඩුලු 6 බැගින්ද ඩොනල්ඩ් ටිරිපානෝ කඩුලු 4 ක් ද දවාගනිමින් තරගය පුරා සිය අණසක පැතිරවීමට සමත්වූහ.

ලකුණු 137 කට කඩුලු 6 ක් අහිමිව තිබියදී හුදකලා සටනක නිරත වෙමින් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ෂෝන් විලියම්සන් ශතකයක් ලබාගනිමින් සිම්බාබ්වේ පළමු ඉනිම ලකුණු 250 සීමාව කරා රැගෙන ගියේය. සීකන්දර් රාසා ලකුණු 43 ක් සහ රෙජිස් චකබ්වා ලකුණු 44 ක් ලබාගනිමින් ශෝන් විලියම්සන්ට අනගි සහයක් ලබාදුන්නේය.

අමීර් හම්සා කඩුලු 6 ක් දවාගනිමින් සිම්බාබ්වේ පිලට තර්ජනයක් ඇති කිරීමට සමත්වුවද ඔවුන්ගේ ජයග්‍රහණය වලකාලීමට ඔහුට නොහැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 17 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායම කිසිවකු නොදැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.


ඇෆ්ඝනිස්තාන පළමු ඉනිම 131
(ඉබ්‍රාහිම් සඩ්‍රාන් 31, අෆ්සාර් සසායි 37, බ්ලෙසිංග් මුසරබානි 48/4, වික්ටර් යවුචි 34/3)

සිම්බාබ්වේ පළමු ඉනිම 250
(ශෝන් විලියම්සන් 105, සීකන්දර් රාසා 43, රෙජිස් චකබ්වා 44, අමීර් හම්සා 75/6, සහීර් ඛාන් 81/2)

ඇෆ්ඝනිස්තාන දෙවැනි ඉනිම 135
(ඉබ්‍රාහිම් සඩ්‍රාන් 76, අමීර් හම්සා 21, ඩොනල්ඩ් ටිරිපානෝ 23/3, වික්ටර් යවුචි 30/3, බ්ලෙසිංග් මුසරබානි 14/2)

සිම්බාබ්වේ දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 17

 

- 2079


අදහස් (0)

සිම්බාබ්වේ දින 2 න් දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.