Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සාග් තරගාවලියට පිටත්ව යාම ඇරඹෙයි

සාග් තරගාවලියට පිටත්ව යාම ඇරඹෙයි

editorial - 2019 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(●●  නාමල් පතිරගේ)

නේපාලයේ ‘කත්මණ්ඩු’ නුවරදී හෙට (27) ආරම්භ වන 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරගමාලාවට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් ඊයේ (25) දිවයිනෙන් පිටත්ව ගියේය. ඒ සමගම ලබන දෙසැම්බර් 1 වැනිදා නිල වශයෙන් කත්මණ්ඩු හා ෆොකාරා යන නගරවලදී ආරම්භ වන 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායම් නේපාලය බලා පිටත්වීම ආරම්භ විය.

ක්‍රීඩා ඉසව් 27කින් සමන්විත මෙවර සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව ඉන් බහුතරයකට සහභාගී වෙයි. එම ක්‍රීඩා උළෙල නිල වශයෙන් දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වේ.  වොලිබෝල් තරගමාලාව දෙසැම්බර් 3 වැනිදා දක්වා කත්මණ්ඩු නුවරදී පැවැත්වේ.

එයින් පසුව වෙරළ වොලිබෝල් තරගමාලාව දෙසැම්බර් 4 වැනිදා සිට 8 වැනිදා දක්වා පැවැත්වෙන්නේ ෆොකාරා නගරයේදීය. ඒ සඳහා ද ශ්‍රී ලංකාවෙන් කාන්තා හා පිරිමි කණ්ඩායම් දෙකක් සහභාගී වේ.

සංචාරක ශ්‍රී ලංකා වොලිබෝල් (කාන්තා) කණ්ඩායමේ නායිකාව ලෙස අෂානි චමෝදිකා ද එහි පිරිමි කණ්ඩායම් නායකයා ලෙස දීප්ත රොමේෂ් ද කටයුතු කරති.

කියුබානු ජාතික වොලිබෝල් පුහුණුකරුවන් වන මැනුවෙල් තොරෙස් හා රොබේටෝ සෙපරෝ යන මහත්වරු ශ්‍රී ලංකා කණ්ඩායම්හි ප්‍රධාන පුහුණුකරුවෝ ලෙස කටයුතු කරති.

සමන් චන්ද්‍රනාත්, ජානක ඉන්ද්‍රජිත් මහත්වරු සහාය පුහුණුකරුවන් ලෙසත් සුසිරි මංගල හා අමිල විජේපාල යන මහත්වරු අභ්‍යාසකයන් ලෙසත් කේ.ආර්.ඩී.සී. රත්නමුදලි හා චන්දන විජේසිංහ යන මහත්වරු කළමනාකරුවන් ලෙසත් ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම් සඳහා පත්කරනු ලැබ සිටිති.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ 1991 කොළඹ පැවැති ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වොලිබෝල් කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීම මේ දක්වා ශ්‍රී ලංකාවේ හොඳම සාග් වොලිබෝල් දක්‍ෂතාවයි.

පසුගිය සාග් ක්‍රීඩා උළෙලේදී (2016) ශ්‍රී ලංකාවේ කාන්තා හා පිරිමි වොලිබෝල් දක්‍ෂතා රිදී පදක්කම් දෙකකට සීමා විය.

සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායමේ තරග
● නොවැම්බර් 29:- මාලදිවයිනට එරෙහිව
● නොවැම්බර් 30:- පාකිස්තානයට එරෙහිව
● දෙසැම්බර්    1:- අවසන් පූර්ව තරග
● දෙසැම්බර්   2:- ලෝකඩ පදක්කම සඳහා තරගය
● දෙසැම්බර්   3:- රන් පදක්කම සඳහා වන අවසන් මහ තරගය


සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායමේ තරග
● නොවැම්බර් 28:- පාකිස්තානයට එරෙහිව
● නොවැම්බර් 29:- මාලිදිවයිනට එරෙහිව
● නොවැම්බර් 30:- අවසන් පූර්ව තරග
● දෙසැම්බර්   2:-  ලෝකඩ පදක්කම සඳහා වන තරගය
●දෙසැම්බර්    3   රන් පදක්කම සඳහා වන අවසන් මහා  තරගය

 


අදහස් (0)

සාග් තරගාවලියට පිටත්ව යාම ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.